මීට පෙර අසා නැති අමුතුම මෙහෙයුම! ![]()
![]()
ඔයා දන්නවාද, හැම සතියකම පැනමාවේ අහසින් කුඩා පෙට්ටි දහස් ගණනක් බිමට අතහරිනවා. ඒ පෙට්ටි ඇතුළේ ඉන්නේ “මැස්සෝ”. සතියකට මැස්සන් මිලියන 15ක්! ඇයි ඇමරිකාව මෙහෙම කරන්නේ? පැනමාවත් එක්ක තියෙන තරහකටද? ![]()
නැහැ, මේක ලෝකය බේරගන්න කරන “ජීව විද්‍යාත්මක යුද්ධයක්!”
කවුද මේ භයානක සතුරා? (New World Screwworm)
මේ සාමාන්‍ය ගෙදර ඉන්න මැස්සෝ නෙවෙයි.ගවයන්ගෙ, කැලෑ සතුන්ගෙ පොඩි තුවාලයක් තිබ්බොත් ඇති, මේ මැස්සා එතන බිත්තර දානවා. බිත්තරයෙන් එන පැටව් සතාගේ ඇතුළත මස් ටික දවස් ගණනකින් කාලා ඉවර කරනවා. මේ නිසා ඇමරිකාවේ ගව පට්ටි පිටින් වඳ වෙලා තියෙනවා. ඒකෙන් වෙච්ච පාඩුව ඩොලර් බිලියන ගානක්.
විද්‍යාඥයන්ගේ “පිස්සු” අදහස! (The Cold War Origins)
1950 ගණන් වලදී විද්‍යාඥයෝ දෙන්නෙක් (Edward Knipling සහ Raymond Bushland) අමුතුම අදහසක් ගෙනාවා. ඒ තමයි “මැස්සන්ව මැස්සන්ගෙන්ම වඳ කිරීම.”
ඔවුන් මැස්සන්ව රසායනාගාරවල බෝ කරලා, “X-ray” කිරණ පාවිච්චි කරලා උන්ව වඳ (Sterile) කළා. ඒ කියන්නේ ඒ මැස්සන්ට පැටවුන් බෝ කරන්න බැහැ.


මෙහෙයුම ආරම්භය: “වඳ මැස්සන්ගේ ආක්‍රමණය”
ඇමරිකාව කළේ මේ වඳ කරපු පිරිමි මැස්සන්ව ගුවන් යානා මගින් පරිසරයට මුදා හැරීමයි.
• කැලේ ඉන්න ගැහැණු මැස්සෝ මේ “වඳ” පිරිමි මැස්සෝ එක්ක එකතු වෙනවා.
• ඒත් ඒ බිත්තර වලින් කවදාවත් පණුවෝ එළියට එන්නේ නැහැ.
• ටික කාලයකින් මුළු මැස්සන් පරම්පරාවම පැටවුන් නැතිව වඳ වෙලා යනවා!
ඇයි පැනමාවටම මේවා දාන්නේ?
ඇමරිකාව, මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාවෙන් දැන් මේ මැස්සෝ සම්පූර්ණයෙන්ම වඳ කරලා ඉවරයි. හැබැයි දකුණු ඇමරිකාවේ (බ්‍රසීලය වගේ රටවල) තාමත් මුන් ඉන්නවා.
පැනමාව තියෙන්නේ උතුරු සහ දකුණු ඇමරිකාව යා කරන පටු බිම් තීරුවක. ඉතින් විද්‍යාඥයෝ පැනමාවේ අහසින් දිගටම මැස්සෝ අතහරින්නේ “නොපෙනෙන තාප්පයක්” හදන්නයි. එතකොට දකුණු ඇමරිකාවේ ඉන්න භයානක මැස්සන්ට උතුරු ඇමරිකාව පැත්තට එන්න බැහැ.
මේ මෙහෙයුමේ සාර්ථකත්වයේ “රහස”! ![]()
ඇයි මේ වඳ කරපු පිරිමි මැස්සන් මිලියන ගණනින් අතහරින්නේ? ඒකට හේතුව මේ මැස්සන්ගේ තියෙන අමුතුම ස්වභාවයක්.
මේ වර්ගයේ ගැහැණු මැස්සෙක් ඇගේ මුළු ජීවිත කාලයටම එකතු වෙන්නේ එකම එක පිරිමි මැස්සෙක් සමඟ පමණයි!
විද්‍යාඥයෝ කැලේ ඉන්න සාමාන්‍ය පිරිමි මැස්සන්ට වඩා දහස් ගුණයකින් වැඩි වඳ පිරිමි මැස්සන් ප්‍රමාණයක් අහසින් අතහරිනවා. එතකොට ගැහැණු මැස්සෙක්ට සාමාන්‍ය පිරිමි මැස්සෙක් මුණගැසීමට ඇති අවස්ථාව නැති තරම් වෙනවා.
ඇය අහම්බෙන් හෝ මේ වඳ මැස්සෙක් සමඟ එකතු වුණොත්, ඇය දාන හැම බිත්තරයක්ම නිසරු වෙනවා. ඇය නැවත කිසිම දිනක වෙනත් පිරිමි මැස්සෙක් සොයා යන්නෙත් නැති නිසා, ඒ මැස්සීගේ පරම්පරාව එතනින්ම සදහටම අවසන් වෙනවා! ![]()
![]()
දැන් තත්ත්වය මොකක්ද?
• සාර්ථකත්වය: මේක ලෝකයේ සාර්ථකම පලිබෝධ පාලන ක්‍රමයක්.
• වියදම: අවුරුද්දකට ඩොලර් මිලියන 15ක් විතර ගියත්, ඒ නිසා බේරෙන සතුන්ගේ වටිනාකම ඩොලර් බිලියන ගණනක්!
• පරිසර හිතකාමී: කිසිම වස විසක් (Pesticides) පාවිච්චි කරන්නේ නැති නිසා පරිසරයට හානියක් නැහැ.
නිකන් හිතන්න, මැස්සෙක් මැස්සෙක්වම වඳ කරන්න පාවිච්චි කරන එක කොච්චර දියුණු මොළයක්ද කියලා? මේ වගේ අමුතු දේවල් දැනගන්න කැමති යාළුවන්ටත් බලන්න SHARE කරන්න! ![]()
![]()
![]()
උපුටා ගැනීම : Unknown Diary


