in

ලෝකයේ එකම “කාබන් සෘණ” (Carbon Negative) රාජ්‍යය: සොබාදහමේ අසිරිමත් භූතානය!

අද කාලේ හැම රටක්ම දියුණුව පස්සේ දුවද්දී, පරිසරය විනාශ කරද්දී, ලෝකෙටම ආදර්ශයක් දෙන පුංචි අසල්වැසියෙක් අපිට ඉන්නවා. ඒ තමයි හිමාලයේ සැඟවුණු පාරාදීසය – භූතානය. 🏔️🌳

මොකක්ද මේ “කාබන් සෘණ” කියන්නේ? 🤔 සාමාන්‍යයෙන් දියුණු රටවල් කර්මාන්තශාලා සහ වාහන මඟින් විශාල වශයෙන් කාබන්ඩයොක්සයිඩ් (CO2​) වායුගෝලයට මුදාහරිනවා. නමුත් භූතානය පිටකරන කාබන් ප්‍රමාණයට වඩා තුන් ගුණයක කාබන් ප්‍රමාණයක් එරට වනාන්තර මඟින් උරාගන්නවා. ඒ කියන්නේ ඔවුන් ලෝකයට ණය නැහැ, ලෝකයම ඔවුන්ට ණයගැතියි!

භූතානය මේ ආශ්චර්යය කළේ කොහොමද?

ව්‍යවස්ථාවෙන්ම රැකෙන වනාන්තර: භූතාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ භූමි ප්‍රමාණයෙන් අවම වශයෙන් 60%ක් වනාන්තර ලෙස පවත්වාගෙන යාම අනිවාර්යයි. (දැනට එය 70%කටත් වඩා වැඩියි!) 🌲

සතුට මනින රටක්: ඔවුන් දියුණුව මනින්නේ සල්ලි (GDP) වලින් නෙවෙයි, “දළ දේශීය සතුට” (Gross National Happiness) අනුවයි. පරිසරය රැකීම ඒ සතුටේ ප්‍රධාන අංගයක්. 😊

නොමිලේ විදුලිය සහ පුනර්ජනනීය බලශක්තිය: භූතානය තමන්ට අවශ්‍ය විදුලිය නිපදවා ගන්නේ ගලා යන ගංගා වලින් (Hydro-power). ඒ වගේම ඔවුන් බොහෝ විට ගොවීන්ට නොමිලේ විදුලිය ලබා දෙනවා දර භාවිතය අඩු කරන්න. ⚡

සුවිශේෂී ලෝක වාර්තා: 2015 වසරේදී භූතානය මිනිත්තු 60ක් ඇතුළත පැල 49,672ක් සිටුවමින් ලෝක වාර්තාවක් තැබුවා. 🌳🌱

පසු කාලීනව මෙවැනි කාබන් සෘණ රටවල් ගනනාවක් බිහිවෙමින් පවතිනවා.

අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? දියුණුව කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර සහ දුම් පිටකරන කර්මාන්තශාලාම නෙවෙයි. හුස්ම ගන්න පිරිසිදු වාතය සහ ජීවත් වෙන්න ලස්සන පරිසරයක් ඉතිරි කිරීම ඊට වඩා වටිනවා. 💚

ලෝකයම උණුසුම් වෙන මේ කාලේ, භූතානය කියන්නේ අපේ පෘථිවියට තියෙන ලොකුම බලාපොරොත්තුවක්! 🌏

උපුටා ගැනීම : Viraj Anuraga

What do you think?

Written by Mic

මුනිබා මසාරි

ඩොලරය මැරිලා මුළු ලෝකයම චීන ‘යුවාන්’ පාවිච්චි කළොත් ඇත්තටම මොකද වෙන්නේ?