in

උදුන මත කෑම ඉතිරි කර අතුරුදහන් වුණු අභිරහස් නෞකාව

රෑ කෑම හදමින් ඉන්න අතරතුරේදී, කිසිම හේතුවක් නැතිව මුළු නැවකම හිටපු පිරිසක් එකපාරටම අතුරුදහන් වුණොත් කොහොමද? 1921 ජනවාරි මාසයේදී උතුරු කැරොලිනා වෙරළට ගොඩගැසූ “කැරොල් ඒ. ඩියරින්” (Carroll A. Deering) කියන දැවැන්ත රුවල් නැවේ සිද්ධ වුණේ අන්න ඒ වගේ හිතාගන්න බැරි අභිරහසක්.

දරුණු මුහුදු රළ සහ කුණාටු තත්වය නිසා මේ නැව ගොඩගහලා දවස් කිහිපයකට පස්සේ තමයි ආරක්ෂක අංශවලට නැවට ගොඩවෙන්න පුළුවන් වුණේ. ඔවුන් නැවට යනකොට මුළු නැවම හරිම පාළුවට ගිහින් තිබුණා. නැවේ ජීවිතාරක්ෂක බෝට්ටු, ලොග් පොත් සහ මාලිමා යන්ත්‍ර ඔක්කොම අතුරුදහන් වෙලා තිබුණා. හැබැයි පුදුමයට කරුණ වුණේ, නැවේ කුස්සියේ ඊළඟ වේලට කෑම හදන්න සියල්ලම සූදානම් කරලා තිබීමයි. මේකෙන් තේරුණේ ඔවුන් කල්තියා සැලසුම් කරලා නැවෙන් පිටවුණා නෙවෙයි, හදිසියේ ආපු ලොකු කරදරයක් නිසා ඔවුන්ට ගෙදර යන්න සිද්ධ වුණා කියන එකයි.

නැවේ කපිතාන්වරයාගේ කාමරයත් සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාලා තිබුණා. නැවියන් සහ කපිතාන්වරයා අතර ඇතිවුණු දරුණු රණ්ඩුවකින් පස්සේ නැවියන් ඔහුව ඝාතනය කළාද? මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වුණාද? එහෙමත් නැත්නම් නැව අනතුරට පත්වුණු වෙලාවේ බියට පත්වෙලා බෝට්ටුවලින් පැනලා යන්න ගිහින් මුහුදට බිලිවුණාද? ඇමරිකානු රජය මේ ගැන ලොකු පරීක්ෂණයක් කළත් අදටත් මේ කිසිම ප්‍රශ්නයකට උත්තර හොයාගෙන නැහැ. පසුව වෙනත් නැව්වලට අනතුරක් වෙයි කියන බයට මේ නැව පුපුරවා හැරීමට රජය කටයුතු කළා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

මිනීමරු මෝරෙකුගෙන් මිනිස් ජීවිත බේරාගත් වීර ඩොල්ෆින් මසුන් රංචුව

සූර්ය කෝෂ වලින් වැඩ කරන… මුහුදේ ඉන්න පුංචි “කොළ බැටළුවා”!