මේ ෆොටෝ එක දැක්කම හිතෙන්නේ කාටූන් එකක ඉන්න ලස්සන සතෙක් කියලා නේද? රෝස පාට කම්මුල් තියෙන, පිටේ කොළ වවාගත්ත මේ පුංචි සතාට කියන්නේ “Leaf Sheep” (කොළ බැටළුවා) කියලා. මේක මුහුදු ගොළුබෙලි වර්ගයක්.
හැබැයි මූට තියෙන ලොකුම හැකියාව ලස්සන නෙවෙයි. මූට පුළුවන් ගස් වගේ අව්වෙන් කෑම හදාගන්න (Photosynthesize)!
කොහොමද එහෙම කරන්නේ?
මේ සතා මුහුදු පැලෑටි කෑවම, ඒ පැලෑටි වල තියෙන “හරිතලව” (ගස් වල තියෙන සූර්ය කෝෂ වගේ කොටස) සම්පූර්ණයෙන්ම දිරවන්නේ නෑ. ඒ වෙනුවට ඒ හරිතලව තමන්ගේ හමේ තැන්පත් කරගන්නවා.
මේ නිසා, මාස ගාණක් මොකුත්ම කන්නේ නැතුව, නිකන්ම අව්ව තපින ගමන් ඇඟට ඕන කරන ශක්තිය නිපදවා ගන්න මේ සතාට පුළුවන්.
හරියට පණ තියෙන පුංචි Solar Battery එකක් වගේ නේද?


