ඔබ කවදාහරි අහලා තියෙනවද ගවයෙක් වගේ කොළ කන, ඒ වගේම ඇඟෙන් “ගොම ගඳ” එන අමුතු කුරුල්ලෙක් ගැන? මේ කතාව අහද්දි විහිළුවක් වගේ හිතුණට, දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ මේ වගේ අපූරු කුරුල්ලෙක් ඉන්නවා. නම තමයි “හෝට්සින්” (Hoatzin).
මේ කුරුල්ලා හරිම විශේෂයි. පුංචි පැටව් බිත්තරෙන් එළියට එන්නේ හරියට ඩයිනෝසරයන්ගේ වගේ පියාපත් වල “නියපොතු” තියාගෙන. මේ පැටවුන්ට පියාඹන්න බැරි නිසා, ගස් දිගේ බඩගාගෙන ගිහින් සතුරන්ගෙන් බේරෙන්න මේ නියපොතු උදව් වෙනවා.
ලොකුම පුදුමය තමයි මේ කුරුල්ලන්ගේ සිරුරෙන් එන “ගොම ගඳ”. මේ අය කන්නේ පලතුරු හරි පණුවෝ හරි නෙවෙයි, ගස්වල කොළ වර්ගයි. හරක් කොළ දිරවනවා වගේම මේ අයගේ බඩේ මේ කොළ දිරවද්දී ලොකු ගඳක් එනවා. හැබැයි ඒක එයාට වාසියක්. මොකද ඒ ගඳ නිසා වෙන සත්තු මේ කුරුල්ලව දඩයම් කරන්න එන්නේ නැහැ.
සොබාදහම හරිම විස්මිතයි නේද? ලස්සන, සුවඳ දේවල් වගේම මේ වගේ අමුතු නිර්මාණත් ලෝකයට ඕනෙ කරනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


