in

කටු පඳුරේ කෑම හංගන පුංචි දඩයක්කාරයා 

“වදක ලිහිණියා” නැත්නම් “Butcher Bird”. නම ඇහුවම පොඩි බයක් හිතෙනවා නේද? කටු පඳුරු වල කෘමීන් සහ පොඩි සත්තුන්ව අමුණලා තියෙනවා ඔබ දැකලා තියෙනවා නම්, ඒ මේ පුංචි කුරුල්ලාගේ වැඩක්.

හැබැයි මේක නපුරුකමට කරන දෙයක් නෙවෙයි. මේක පුදුම හිතෙන ජීවන උපායක්.

රාජාලියෙක්ට වගේ හයියෙන් ගොදුරක් අල්ලගන්න පුළුවන් ශක්තිමත් නියපොතු මේ කුරුල්ලට නැහැ. ඒත් එයා ඒක දුර්වලකමක් කරගන්නේ නැහැ. එයා තමන්ගේ ගොදුර අල්ලගන්න පරිසරයේ තියෙන “කටු” පාවිච්චි කරනවා. කටු ගහක් කියන්නේ එයාට ආයුධයක් වගේම කෑම ගබඩාවක්.

ඒ විතරක් නෙවෙයි, අමාරු කාලෙට කන්න එයා මේ කටු ගස්වල කෑම ඉතිරි කරලා තියනවා. වස විස තියෙන සත්තුන්ව කටු වල ගහලා, ඒ විෂ නැති වෙනකම් දවස් ගාණක් ඉවසලා ඉන්නත් එයා දන්නවා

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

පියාඹන ගමන් නිදාගන්නා පුදුම කුරුල්ලා 

පෆින් කුරුල්ලාගේ රහස් “නියොන්” හිනාව: අපිට නොපෙනෙන අපූරු ලෝකයක්!