තත්පරයකට 20 වතාවක් විතර වේගයෙන් ගහකට ඔළුවෙන් කොටන කොට්ටෝරුවාට ඇයි “කැරකැවිල්ල” හැදෙන්නේ නැත්තේ කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවාද? මේක සොබාදහමේ තියෙන පුදුම හිතෙන ඉංජිනේරු ශිල්පයක්!
මේ රහස තියෙන්නේ කොට්ටෝරුවාගේ දිව ඇතුළේ. කොට්ටෝරුවාගේ දිව කොයිතරම් දිගද කියනවා නම්, ඒක සාමාන්‍ය විදිහට කට ඇතුළේ තියාගන්න බැහැ. ඒ නිසා ඒ දිව බෙල්ල පිටුපසින් ගිහින්, මුළු හිස්කබල වටේටම එතිලා, නළල හරහා ඇවිත් නාස් පුඩුවක් දක්වාම විහිදෙනවා.
කොට්ටෝරුවා ගහකට කොටන හැම වෙලාවකම, හිස්කබල වටේ එතිලා තියෙන මේ දිව හරියට “සීට් බෙල්ට්” එකක් වගේ ක්‍රියා කරනවා. ඒකෙන් මොළයට ලැබෙන අධික පීඩනය උරාගෙන මොළය ආරක්ෂා කරනවා.
ජීවිතේ අපිට එන දරුණු පීඩන හමුවේ නොසැලී ඉන්න නම්, අපිත් අපේ ඇතුළාන්තයෙන්ම ශක්තිමත් වෙන්න ඕන කියන එක කොට්ටෝරුවා අපිට දෙන ලොකු පාඩමක්. වැදගත්ම දේ තමයි, අපිට ලැබිලා තියෙන සුවිශේෂී හැකියාවන් පාවිච්චි කරලා අභියෝගවලට මුහුණ දෙන එක!
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

