අපිව අයිස් පෙට්ටියක දැම්මොත් අපි මැරෙනවානේ. ඒත් මේ මැඬියාට (Wood Frog) පුළුවන් සම්පූර්ණයෙන්ම අයිස් ගලක් වගේ මිදිලා, ආපහු පණ ලබා ගන්න!
උතුරු ඇමරිකාවේ කැලෑවල ඉන්න මේ සතා, ශීත කාලය ආවම කරන්නේ පුදුම දෙයක්.
එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම අයිස් වෙනවා.
හදවතේ ගැස්ම නවතිනවා.
හුස්ම ගන්න එකත් නවතිනවා.
අතින් ඇල්ලුවොත් හරියට අයිස් කැටයක් වගේ හයියයි.
නිකන් බැලුවොත් මෙයා මැරිලා.
හැබැයි, මෙයාගේ ඇඟේ තියෙන අධික “සීනි” (Glucose) ප්රමාණය නිසා, ඇඟ ඇතුලේ සෛල විනාශ වෙන්නේ නෑ. ඒ සීනි හරියට ආරක්ෂක ආවරණයක් වගේ ක්රියා කරනවා.
ඉර පායලා රස්නේ කාලේ (වසන්තය) ආවම, අර මිදිලා හිටපු මැඬියා ආපහු දිය වෙලා, හදවත ගැහෙන්න පටන් අරන්, කිසිම දෙයක් වුණේ නෑ වගේ පැනලා යනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

