අපි කවුරුත් අහලා තියෙනවනේ “ඇට්ලන්ටිස්” (Atlantis) කියන මුහුදේ ගිලුනු පුරාවෘත්ත නගරය ගැන. ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා තාම කවුරුත් දන්නේ නෑ.
හැබැයි, ඊට සමාන තවත් නගරයක් ඇත්තටම හොයාගෙන තියෙනවා!
මේ නගරයේ නම “හෙරක්ලියොන්” (Heracleion).
වසර ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින් හිතුවේ මේක ඊජිප්තුවේ තිබුණු කතාන්දරයක් (Myth) විතරයි කියලා. මොකද අවුරුදු 1200කට කලින් මේ නගරය අතුරුදහන් වෙලා තිබුණා.
හැබැයි 2000 වර්ෂයේදී, ගවේෂකයින් පිරිසක් මධ්‍යධරණී මුහුදේ අඩි 30ක් යට තිබිලා මේ නගරය හොයාගත්තා.
එතන තිබිලා හමුවුණු දේවල් පුදුමයි:
අඩි 16ක් උස යෝධ ප්‍රතිමා.
පැරණි නැව් 64ක්.
රත්රන් කාසි සහ දේවාල වල නටබුන්.
භූමිකම්පාවක් නිසා පොළොව දියර බවට පත්වෙලා (Liquefaction), මේ මුළු නගරයම එහෙම්මම මුහුදට ගිලී ගිහින් තියෙනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


