අපි පොඩි කාලේ ඉඳලම අහපු කතාවක් තියෙනවා. ඒ තමයි සීබ්‍රාගේ ඇඟේ මේ ලස්සන සුදු කළු ඉරි තියෙන්නේ ඈත ඉඳන් බලන සිංහයාට එයාව අඳුරගන්න බැරි වෙන්න කියලා. අපි හැමෝම හිතාගෙන හිටියේ ඒක ඇත්තම ඇත්ත කතාවක් කියලයි.
හැබැයි විද්‍යාඥයන් හොයාගෙන තියෙන විදියට ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්.
ඇත්තටම මේ ඉරි තියෙන්නේ ලොකු සතුරන්ගෙන් බේරෙන්න නෙවෙයි, පුංචිම පුංචි හතුරෙක්ගෙන් බේරෙන්න. ඒ තමයි ලේ උරා බොන මැස්සන්.
වනයේ ඉන්න මේ මැස්සන්ගෙන් සත්තුන්ට හරිම කරදරයි. හැබැයි සීබ්‍රාගේ ඇඟේ තියෙන මේ ඉරි රටාව නිසා මැස්සන්ට මෙයාලගේ ඇඟ උඩ වහන්න අමාරුයි. මැස්සෙක් සීබ්‍රාගේ ඇඟ උඩ වහන්න එද්දී මේ ඉරි දැකලා උන්ගේ ඇස් නිලංකාර වෙනවා. හරියට “ඔප්ටිකල් ඉලුෂන්” (Optical Illusion) එකක් වගේ. ඒ නිසා මැස්සන්ට හරියටම වහන්න තැනක් හොයාගන්න බැරුව ඒ අය ඉවතට පියාඹලා යනවා.
මේක ස්වභාවධර්මයේ තියෙන පුදුමාකාර ආරක්ෂක උපක්‍රමයක්.
මේකෙන් අපේ ජීවිතේටත් ගන්න පුළුවන් පාඩමක් තියෙනවා. සමහර වෙලාවට අපි අනිත් අයට වඩා ටිකක් වෙනස් විදියට, කැපී පෙනෙන විදියට ඉන්නකොට මිනිස්සු එක එක දේවල් කියන්න පුළුවන්. හැබැයි සීබ්රා වගේම, ඔයාගේ ඒ වෙනස්කමම තමයි ඔයාගේ ලොකුම ආරක්ෂාව වෙන්නේ.
ඒ නිසා අනිත් අය වගේ වෙන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ පාට, ඔයාගේ විලාසිතාව ගැන ආඩම්බර වෙන්න
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


