in

ලෝකයේ ඉන්න එකම “වස සහිත” වඳුරු වර්ගය

ස්ලෝ ලොරිස් (Slow Loris) කියන සතාව දැක්කම ඕනම කෙනෙක්ට ආස හිතෙනවා. ලොකු ඇස් තියෙන, හරිම හෙමින් වැඩ කරන මේ සතා හරියට පුංචි ටෙඩි බෙයාර් කෙනෙක් වගේ. හැබැයි මේ අහිංසක පෙනුමට රැවටුනොත් නම් ලොකු කරදරයක් වෙන්න පුළුවන්.

ඔබ දන්නවද? ලෝකයේ ඉන්න එකම විෂ සහිත ප්‍රයිමේට් (වඳුරු කුලයේ) සතා මොහුයි.

මේ සතාට අනතුරක් දැනුනම එයා අත් දෙක ඔලුව උඩට උස්සනවා. බැලූ බැල්මට පේන්නේ “මම යටත් වෙනවා” කියලා පෙන්නනවා වගේ. ඒත් ඇත්තටම එයා කරන්නේ ආයුධයක් ලෑස්ති කරන එකයි.

මොවුන්ගේ වැලමිටේ විශේෂ ග්‍රන්ථියක් තියෙනවා. එයා ඒක ලෙවකාලා, එතැනින් ගලන දියරය තමන්ගේ කටේ තියෙන කෙළ (Saliva) එක්ක කලවම් කරනවා. මේ එකතුවෙන් හැදෙන්නේ භයානක විෂක්. මේ පුංචි සතා හපා කෑවොත් ලොකු වේදනාවක් එන්න වගේම, සමහර වෙලාවට මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්.

ලස්සනට, අහිංසකව හිටියට හැමෝම දුර්වල නැහැ කියල මේ පුංචි සතා අපිට කියලා දෙනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

සිංහයාට පේන්නේ නැති වුණාට, මැස්සන්ට පිස්සු වට්ටන ඉරි… 

අපි අතින් සිදුවන පුංචි වැරදීම් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?