in

අපි අතින් සිදුවන පුංචි වැරදීම් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?

මේක සිදුවුනේ 1943 වසරේදී. රිචඩ් ජේම්ස් කියන ඉංජිනේරුවා යුධ නැව්වලට අවශ්‍ය උපකරණයක් හදන්න බොහොම මහන්සියෙන් වැඩ කරමින් හිටියේ. එදා හරිම කාර්යබහුල දවසක්.

එකපාරටම එයාගේ අතින් මේසයක් උඩ තිබුණු “ස්ප්‍රින්ග්” (Spring) එකක් බිමට වැටෙනවා. ඒක වැටෙන සද්දෙට එයා බයවුණත්, එයා දැක්ක දේ නිසා පුදුම වුණා. ඒ ස්ප්‍රින්ග් එක නිකන්ම බිමට වැටුණේ නෑ. ඒක හරියට පඩිපෙළක කකුල් තියලා ඇවිදිනවා වගේ ලස්සනට පහලට ගියා.

රිචඩ් හෙව්වේ සෙල්ලම් බඩුවක් නෙවෙයි. නමුත් එදා අතින් වෙච්ච ඒ පොඩි වැරදීම නිසා තමයි ලෝකයේ ජනප්‍රියම සෙල්ලම් බඩුවක් වන “Slinky” එක නිර්මාණය වුණේ. එදා ඒ වැරදීම නොවුණා නම් අද අපිට මේ වගේ අපූරු දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ.

ඉතින් ජීවිතේ සමහර වෙලාවට අපි අතින් දේවල් ගිලිහෙනවා, සැලසුම් වැරදෙනවා. හැබැයි දුක හිතන්න එපා. සමහර වැරදීම් අවසානයේ ලස්සන පුදුම කිරීම් හංගගෙන ඉන්න පුළුවන්. ඒක හරියට Slinky එකක් වගේ, පහලට වැටුණත් ලස්සන ගමනක් යන්න පුළුවන්.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

ලෝකයේ ඉන්න එකම “වස සහිත” වඳුරු වර්ගය

යෝධයෙක්ව ආරක්ෂා කරන පුංචි යාළුවා