අපි කඩෙන් බඩු ගේන සාමාන්‍ය ප්ලාස්ටික් කවරයක් දිරලා යන්න අවුරුදු සිය ගාණක් යනවා කියලා උඹලා දන්නවනේ. මේක නිසා අපේ පරිසරයට වගේම අහිංසක සත්තුන්ටත් වෙන්නේ මහම මහ විනාශයක්. ![]()
![]()
හැබැයි මේකට ජපානේ පර්යේෂකයෝ පට්ටම විසඳුමක් හොයාගෙන තියෙනවා! ![]()
ඒ ගොල්ලෝ අර්තාපල් අල (Potato starch) වල තියෙන පිෂ්ඨය පාවිච්චි කරලා අලුත්ම විදියේ ‘බෑග්’ ජාතියක් නිර්මාණය කරලා තියෙනවා. ![]()
![]()
මේකේ තියෙන සුපිරිම දේ තමයි, මේක පාවිච්චි කරද්දි සාමාන්‍ය ප්ලාස්ටික් බෑග් එකක් වගේම හයියයි, කිසි අවුලක් නැතුව බඩු ගේන්න පුළුවන්. හැබැයි වතුරට වැටුණු ගමන් හරි, පරිසරයට මුදා හැරියම හරි මේක ඉක්මනින්ම දිරලා යනවා. ![]()
![]()
සාමාන්‍ය ප්ලාස්ටික් දිරද්දි පරිසරයට එකතු වෙන ‘මයික්‍රො ප්ලාස්ටික්’ (Microplastics) වගේ විස දේවල් මුකුත්ම මේකෙන් ඉතුරු වෙන්නේ නෑ. 100% ක්ම ස්වභාවික දේවල් වලින් හදන නිසා පරිසරයට කිසිම හානියක් නෑ. ![]()
![]()
මේ වගේ සුපිරි දේවල් අපේ රටටත් ආවොත් කොච්චර වටිනවද නේද ? මේ ගැන ඔයාලගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යමු! ![]()
![]()
උපුටා ගැනීම : Review By Sankalpa


