අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ රෑ අහස දිහා බලන් හිටියේ මහ පුදුමයෙන්. ඒත් , අපි තමයි ඉතිහාසය වෙනස් කරපු පරම්පරාව! වෙනත් ලෝකයක ඉර බහින හැටි දකින්න අද අපිට වාසනාව ලැබිලා තියෙනවා. ![]()
![]()
අඟහරු ලෝකෙට ඉර බහින්නේ නිල් පාටින්! ![]()
මේ ෆොටෝ එකේ තියෙන්නේ NASA එකෙන් අඟහරු ලෝකෙට යවපු රෝවර් එකක් මගින් ගත්ත, අඟහරුට ඉර බහින අඟනා දසුනක්. අපේ පෘථිවියේ ඉර බහිද්දී අහස ලස්සන තැඹිලි පාටක් ගත්තට, අඟහරු ලෝකෙදි ඒක වෙන්නේ මාරම ලස්සන නිල් පාටකින්.
ඇයි එහෙම වෙන්නේ?
ඒකට හේතුව තමයි අඟහරුගේ වායුගෝලයේ තියෙන සියුම් දූවිලි අංශු. මේ දූවිලි නිසා ආලෝකය විසිරෙන විදිය වෙනස් වෙලා, ඉර බහින වෙලාවට ඉර වටේට ලස්සන නිල් පාට එළියක් නිර්මාණය කරනවා. ![]()
නිකමට හිතලා බලන්න… පෘථිවියේ ඉඳන් අහස දිහා බලපු අපි, අද කිලෝමීටර් මිලියන ගාණක් ඈතින් තියෙන ග්‍රහලෝකෙක ඉර බහින හැටි ෆොටෝ ගහනවා.
මේක අපේ මිනිස් සංහතිය ආපු ගමනේ කොච්චර ලොකු ජයග්‍රහණයක්ද! ![]()
මේ වගේ තවත් සුපිරි දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න! ![]()
උපුටා ගැනීම : Review By Sankalpa


