අද මම කියන්න යන්නේ කොලොම්බියාවෙන් මුළු ලෝකෙටම දුන්නු පට්ට ආදර්ශයක් ගැන.
ඔයා දන්නවනේ ඇමේසන් වනාන්තරය කියන්නේ අපේ ලෝකේ පෙනහළු වගේ කියලා. ඉතින් කොලොම්බියාව තීරණය කරලා තියෙනවා එයාලගේ රටට අයිති ඇමේසන් කැලේ කොටස ඇතුළේ අලුතින් තෙල් කැනීම් සහ පතල් හාරන එක සම්පූර්ණයෙන්ම සීමා කරන්න! ![]()
ඇයි දන්නවද මෙහෙම කරන්නේ? කැලේ ඉන්න සත්තු ටික බේරගන්න විතරක් නෙවෙයි, ඒ කැලේටම ආවේණික වුණු ආදිවාසී මිනිස්සුන්ගේ ඉඩකඩම් ආරක්ෂා කරන්නත් එක්කයි. ![]()
අනික මේ ඇමේසන් කැලේ තමයි ලෝකේ තියෙන කාබන්ඩයොක්සයිඩ් උරාගෙන මේ ලෝකේ උණුසුම පාලනය කරන්නේ. කැලේ විනාශ වුණොත් මුළු ලෝකෙටම බඩුම තමයි. ඉතින් මේ තීරණය නිසා කැලේ කපන එක අඩු වෙනවා වගේම, පරිසරයේ බැලන්ස් එකත් මාර විදියට හැදෙනවා. ![]()
සමහරු මේකට දේශපාලනිකව සහ ආර්ථික පැත්තෙන් ප්‍රශ්න දැම්මත්, කොලොම්බියාව මේ පෙන්නුවේ සල්ලි පස්සේ යනවට වඩා අපේ හුස්ම ටික බේරගන්න එක වටිනවා කියන එකයි. සල්ලි හම්බකරන්න ඕනේ තමයි, හැබැයි ස්වභාවදහම විනාශ කරගෙන නෙවෙයි නේද?
ඇත්තටම මේක නම් සුපිරිම වැඩක්! මේ වගේ තීරණ අපේ රටවලටත් ලොකු ආදර්ශයක්. ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න!
උපුටා ගැනීම : Review By Sankalpa

