in

වසර 50කට පසු මිනිසා නැවතත් සඳ ගමනක් අරඹයි!

අවුරුදු 50කට පස්සේ මිනිස්සු ආයෙත් සඳට යනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔව්, 2026 අප්‍රේල් 1 වැනිදා (ඊයේ) නාසා (NASA) ආයතනයේ “ආටෙමිස් II” (Artemis II) මෙහෙයුම සාර්ථකව ගුවන්ගත වුණා. දින 10ක මේ ඓතිහාසික ගමන සඳහා ගගනගාමීන් සිව්දෙනෙක් යෝධ SLS රොකට්ටුවෙන් අභ්‍යවකාශයට පිටත් වුණා.

මේ කණ්ඩායම හරිම සුවිශේෂීයි. මෙහි අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් (Reid Wiseman) සමඟින්, නියමු වික්ටර් ග්ලෝවර් (සඳ ගමනකට යන පළමු කලු ජාතිකයා), ක්‍රිස්ටිනා කොක් (පළමු කාන්තාව) සහ ජෙරමි හැන්සන් (පළමු කැනේඩියානු ජාතිකයා) මෙයට ඇතුළත් වෙනවා. ඔවුන් මේ ගමනේදී සඳ මතට ගොඩනොබෑවත්, සඳට සැතපුම් 252,000ක් දුරින් ගමන් කරලා සඳේ අඳුරු පැත්ත (far side) නිරීක්ෂණය කරනවා වගේම, ඇපලෝ 13 (Apollo 13) තියපු දුර වාර්තාවත් බිඳ හෙලන්න සූදානම්.

ඇයි මේ ගමන මෙතරම් වැදගත් වෙන්නේ? මේක අනාගතය වෙනුවෙන් කරන දැවැන්ත අත්හදා බැලීමේ ගමනක්. මේ ගමනින් ඔරායන් (Orion) අභ්‍යවකාශ යානයේ තාක්ෂණය පරීක්ෂා කරනවා. ඒ හරහා 2028 දී ක්‍රියාත්මක වෙන “ආටෙමිස් III” (Artemis III) මෙහෙයුමෙන් නැවතත් මිනිසුන්ව සඳ මතට ගොඩබස්සන්න නාසා ආයතනය සැලසුම් කරනවා. සඳ වටා ගොස් පැසිෆික් සාගරයට පතිත වන මේ මෙහෙයුම, අනාගත අභ්‍යවකාශ ජනාවාස සඳහා විශාල පෙරළියක් සිදු කරාවි.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

සල්ලි වලට වඩා පරිසරය වටිනවා කියපු රට මෙන්න! ඇමේසන් කැලේ බේරගන්න ගත්තු සුපිරි තීරණය!

සම්පූර්ණයෙන්ම මිදිලා මැරිලා, ආයෙත් පණ එන ලෝකයේ පුදුමාකාරම ගෙම්බා