වර්ජිනියාවේ උසස් පාසලක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් වන හෙලර්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණයේ වර්ධනයට විසඳුමක් වශයෙන් චුම්බක ජල පෙරීමේ මූලාකෘතියක් නිර්මාණය කර තිබෙනවා.![]()
ජල දූෂණය පිළිබඳ පුවත් සහ පවතින ගෘහස්ථ පෙරහන්වල අධික පිරිවැය නිසා ඇය මාස ගණනක් තම නිවසේ ගරාජයේ සහ මුළුතැන්ගෙයෙහි අත්හදා බැලීම් කළා.
ඇය, ප්ලාස්ටික් අංශු වලට බන්ධනය වන චුම්බක ද්‍රවයක් වන ෆෙරෝෆ්ලූයිඩ් (ferrofluid) පරීක්ෂණය සදහා යොදාගත්තා. මෙම තරලය දූෂිත ජලය සමඟ මිශ්‍ර කර චුම්බක ක්ෂේත්‍රයක් හරහා ගමන් කිරීමෙන් වඩා වැඩි නිරවද්‍යතාවයකින් ජලයෙන් ප්ලාස්ටික් ඉවත් කළ හැකි බව ඇය සොයා ගත්තා.
මෙය පද්ධතියට නැවත ක්‍රියාත්මක කිරීම සඳහා චුම්බක තරලය වන ෆෙරෝෆ්ලූයිඩ් (ferrofluid) නැවත භාවිතා කල හැකියි. නඩත්තුව සහ අපද්‍රව්‍ය සැලකිය යුතු ලෙස අඩු කරයි. රසායනාගාර සැකසුම් තුළ, පද්ධතිය ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් සියයට 95.5 කට වඩා ඉවත් කළ අතර එය හොද කාර්යක්ෂමතා අනුපාතයක් වෙනවා. එය බොහෝ විශාල පරිමාණ නාගරික පිරිපහදු යන්ත්‍රවලටද භාවිතා කල හැකියි
ඇගේ ව්‍යාපෘතිය මගින් ඇයට 2025 රෙජෙනරොන් ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයේදී (2025 Regeneron International Science and Engineering Fair) අවසන් වටයට සුදුසුකම් ලබා විශේෂ සම්මානයක් ලබා ගත්තා. දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන හෙලර්, ඇගේ මේ මූලාකෘතිය ලොව පුරා නිවාස සඳහා වාණිජමය වශයෙන් ශක්‍ය මෙවලමක් බවට පත් කිරීමේ අරමුණින් මේ නිර්මාණය වර්ධනය කිරීම දිගටම කරගෙන යයි.![]()
![]()
උපුටා ගැනීම :Dutu Nodutu Lokaya


