in

ආලෝකය ඇතුළේ තියෙන අද්භූත අඳුරු කුහර! මේ ගැන ඔයා අහලා තියෙනවද?

අපි හැමෝම අහලා තියෙනවනේ මේ ලෝකේ කිසිම දේකට “ආලෝකයේ වේගය” පහු කරන්න බෑ කියලා. ඒත් මෑතකදී විද්‍යාඥයෝ කරපු පරීක්ෂණයකින් භෞතික විද්‍යාවම හොල්ලන සුපිරි වැඩක් හොයාගෙන තියෙනවා! 🤯

මේකට කියන්නේ ‘Optical Vortices’ කියලා.

සරලවම කිව්වොත්, ආලෝකය ගමන් කරන තරංගයක් ඇතුළේ සමහර තැන් තියෙනවා ආලෝකය බිංදුවටම බැහැලා යන. හරියට ආලෝකය ඇතුළේ තියෙන “අඳුරු කුහර” (Dark holes) වගේ.

විද්‍යාඥයෝ විශේෂ ද්‍රව්‍යයක් හරහා මේ ආලෝකය යවලා මේ කුහර වල හැසිරීම අධ්‍යයනය කරලා තියෙනවා. විශ්වාස කරපන්, මේ අඳුරු කුහර යම්කිසි වෙලාවකට ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරනවා එයාලා දැකලා තියෙනවා! ⚡️🚀

දැන් ඔයාට හිතෙයි, “එතකොට අයින්ස්ටයින් කිව්ව කතා ඔක්කොම බොරුද?” කියලා. 🤔

නෑ , එහෙම වෙන්නේ නෑ! මේකෙන් භෞතික විද්‍යා නීති කැඩෙන්නේ නෑ. හේතුව තමයි, මේ ‘Optical Vortices’ කියන්නේ ඇත්තම භෞතික අංශු (Particles) නෙවෙයි. ඒවා නිකම්ම නිකන් ආලෝකයේ හැදෙන රටාවක් (Pattern) විතරයි.

මේක තේරුම් ගන්න ලේසිම විදිහ තමයි අපේ “සෙවණැල්ල”. අපේ සෙවණැල්ලකට ආලෝකයට වඩා වේගයෙන් යන්න පුළුවන් වුණාට, ඒකෙන් කිසිම භෞතික දෙයක් හරි, තොරතුරක් හරි එහා මෙහා අරන් යන්නේ නෑනේ. අන්න ඒ වගේ සීන් එකක් තමයි මෙතනත් වෙන්නේ. 👻

මේ තරම් වේගයෙන්, ඇහිපිල්ලම් ගහනවාටත් වඩා ඉක්මනින් වෙනස් වෙන මේ දේවල් රෙකෝඩ් කරගන්න විද්‍යාඥයෝ පාවිච්චි කරලා තියෙන්නේ ‘Ultrafast Electron Microscopy’ කියන ලෝකේ තියෙන සුපිරිම කැමරා තාක්ෂණයක්. 🔬📸

කොහොමද විද්‍යාවේ වැඩ? පට්ට නේද? අලුත් දේවල් දැනගන්න මේ වගේ පෝස්ට් දිගටම කියවන්න සෙට් වෙන්න! 👇

උපුටා ගැනීම : Review By Sankalpa

What do you think?

Written by Mic

හදවත ගැන ඔයා නොහිතපු පුදුම හිතෙන කතාවක්!

කුරුල්ලන්ට GPS තියෙනවා කිව්වොත් විශ්වාස කරනවද?