ලෝකයේ පිරිමි සතෙක් ගැබ්ගෙන පැටවුන් බිහිකරනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මුහුදු අශ්වයා (Seahorse) කියන්නේ සොබාදහමේ ඉන්න අන්න ඒ වගේ අදහාගන්න බැරි පුදුමාකාර සත්වයෙක්.
මේ අපූරු ක්‍රියාවලිය පටන් ගන්නේ ගැහැණු සහ පිරිමි සතා අතර පැය ගණනාවක් පුරා සිදුවෙන ලස්සන නැටුමකින් පස්සෙයි. ඊටපස්සේ ගැහැණු සතා තමන්ගේ බිත්තර පිරිමි සතාගේ බඩේ තියෙන විශේෂ පැසකට (pouch) ඇතුළු කරනවා. මේ බිත්තර සංසේචනය කරන පිරිමි සතා, දින 10ත් 28ත් අතර කාලයක් තමන්ගේ බඩේ තියාගෙන ඉන්නවා. හරියට මවක් දරුවෙක්ව කුසයේ තියාගෙන ඉන්නවා වගේම, මේ පිරිමි මුහුදු අශ්වයා පැටවුන්ට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය ලබාදෙමින් ඔවුන්ව රැකබලා ගන්නවා.
පැටවුන් බිහි කරන වෙලාව ආවම, මේ පිරිමි සතා තමන්ගේ ශරීරය රිද්මානුකූලව හැකිළීම හරහා එකපාරටම සම්පූර්ණයෙන්ම වැඩුණු පැටවුන් සිය ගණනක්, සමහරවිට 1,000ක් විතර මුහුදට මුදාහරිනවා. හැබැයි මේ ඉපදෙන පැටවුන්ගෙන් ජීවත් වෙන්නේ 0.5%ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒ නිසා තමයි මේ විදිහට එකපාර විශාල පැටවුන් ප්‍රමාණයක් බිහිකරන්න මේ සතුන්ට සිද්ධ වෙලා තියෙන්නේ.
උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්


