මකුළුවෝ කියන්නේ ගොඩක් අය බය සතෙක් වුණාට, මේ මකුළුවා දැක්කම නම් එහෙම හිතෙන්නේ නෑ. මූ හරියට දිලිසෙන ඇඳුමක් ඇඳගත්තා වගේ ලස්සනයි.
මේ සතාගේ නම “Mirror Spider” (කැඩපත් මකුළුවා).
මුගේ ඇඟ පුරාම තියෙන්නේ රිදී පාටින් දිලිසෙන, හරියට කණ්ණාඩි කෑලි වගේ කොටස් වගයක්.
හැඩේට විතරක් නෙවෙයි, මේකෙන් ලොකු වැඩක් තියෙනවා:
මේ මකුළුවාට පුළුවන් මේ කණ්ණාඩි කෑලි පාලනය කරන්න!
බයක් දැනුනම: මේ කණ්ණාඩි කෑලි හැකිළිලා, උගේ ඇඟේ නියම පාට පේන්න ගන්නවා.
නිදාගන්නකොට: මේ කණ්ණාඩි කෑලි ලොකු වෙලා මුළු ඇඟම වැහෙනවා.
එතකොට වටේ තියෙන කොළ පාට මේ කණ්ණාඩි වල වැදිලා පරාවර්තනය වෙනවා. මේ නිසා සතුරන්ට මූව කොළ අස්සේ හොයාගන්නම බැරි වෙනවා. සොබාදහමේ තියෙන අපූරු කැමොෆ්ලාජ් (Camouflage) ක්‍රමයක් තමයි මේක.
උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්


