in

වනාන්තරයේ “හොල්මන”

අභිරහස් වලාකුළු දිවියා (Clouded Leopard)! 🐆💀

පින්තූරය දැක්ක ගමන් ඔයා හිතුවේ මූ හිම කඳුකරයේ ඉන්න Snow Leopard කියලද? එහෙනම් වැරදුණා! මූ ඊට වඩා ගොඩක් අභිරහස්, ඝන වනාන්තර අස්සේ හොල්මනක් වගේ සැඟවිලා ඉන්න වලාකුළු දිවියා (Clouded Leopard).

🤔 දිවියෙක්ද? කොටියෙක්ද?

අපේ රටේ ගොඩක් දෙනෙක් “Leopard” ට දිවියා කියලත් “Tiger” ට කොටියා කියලත් කියනවා. මේ සතාගේ නමට “Leopard” (කොටියා) කෑල්ල එකතු වුණාට, විද්‍යාත්මකව බැලුවොත් මූ දිවියෙකුත් නෙවෙයි, කොටියෙකුත් නෙවෙයි!

• කුලය (Family): මූ අයිති වෙන්නේ බළල් පවුල හෙවත් Felidae කුලයටයි.

• ගණය (Genus): සිංහයා, ව්‍යාඝ්‍රයා (Tiger) සහ දිවියා (Leopard) අයිති වෙන්නේ Panthera කියන ගණයටයි. හැබැයි වලාකුළු දිවියා අයිති වෙන්නේ Neofelis කියන සම්පූර්ණයෙන්ම වෙනස් ගණයකට.

• සරලවම කිව්වොත්, මූ විශාල බළලුන් (Big Cats) සහ කුඩා බළලුන් අතර මැද ඉන්න, පරිණාමයේදී වෙන් වුණු සුවිශේෂී “තනි” සාමාජිකයෙක්.

🦷 “නූතන සේබර්-ටූත්”

මූ ප්‍රමාණයෙන් පොඩි වුණාට, මූව හඳුන්වන්නේ “කුඩා මිනීකන්නා” විදිහටයි.

• දිගම දළ: ශරීර ප්‍රමාණයට සාපේක්ෂව ගත්තම, ලෝකයේ ඉන්න ඕනෑම බළල් පවුලේ සතෙක්ට වඩා දිගම දළ (Canines) තියෙන්නේ මූටයි. මුගේ දළ අඟල් 2ක් විතර දිගයි.

• හකු පීඩනය: මුගේ හකු (Jaws) අනෙක් බළලුන්ට වඩා වැඩියෙන් විවෘත කරන්න පුළුවන් නිසා, තමන්ට වඩා ලොකු ගොදුරු පවා එක පාරින් මරා දැමීමේ හැකියාව මූට තියෙනවා.

🍱 මූ මොනවද කන්නේ?

වලාකුළු දිවියා කියන්නේ ඉතාම දරුණු මාංශ භක්ෂක සතෙක්.

• මූ ප්‍රධාන වශයෙන් දඩයම් කරන්නේ වඳුරන්, වල් ඌරන්, කුඩා මුවන් සහ පක්ෂීන්වයි.

• ගස් උඩ දඩයම: මුගේ තියෙන විශේෂත්වය තමයි ගස් උඩ ඉන්න වඳුරන්ව පවා ලුහුබැඳ ගොස් දඩයම් කිරීමට ඇති හැකියාව. ගොඩක් වෙලාවට ගස් අත්තක් උඩ සැඟවී ඉඳලා, එකවරම ගොදුර මතට පැනලා බෙල්ල කඩා දමන්න මූ හපනෙක්.

🌳 ගස් උඩ “ඇක්‍රොබැට්” රජෙක්!

• අංශක 180ක කැරකැවීම: මුගේ පසුපස වළලුකර (Ankles) අංශක 180ක් කරකවන්න පුළුවන්. ඒ නිසා මූට පුළුවන් ගහක කඳ දිගේ හිස පහළට හරවාගෙන සිරස් අතට බැහැගෙන එන්න.

• සමබරතාවය: ශරීරයේ දිගටම සමාන ඉතාම දිගු, ඝන වලිගයක් මූට තියෙනවා. මේක හරියටම පාවිච්චි කරන්නේ ගස් අතු අතර පිම්ම පනිනකොට සමබරතාවය තියාගන්නයි.

📏 පෙනුම සහ ප්‍රමාණය

• බර: කිලෝග්‍රෑම් 11 සිට 23 දක්වා බරයි.

• ලප: ඇඟ පුරාම වලාකුළු වැනි ලොකු අළු-කළු ලප තියෙන නිසා වනාන්තරයේ ගස් සහ සෙවණැලි අතර මූව අඳුරගන්න එක අතිශය අපහසුයි.

දැන් තේරෙනවා නේද, මූ අපි හිතනවාට වඩා ගොඩක් වෙනස් සතෙක් කියලා? 🐆✨

වලාකුළු දිවියාගේ අර මිනී කන දළ දෙක පෙනෙන පින්තූරයක් දැක්කොත් බය හිතෙනවා නේද? මේ වගේ අභිරහස් සත්තු ගැන ඔයාලා දන්න දේවල් පල්ලෙහායින් Comment කරන්න! 👇

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

ලෝකයේ ඉතිරිව සිටින අවසන් “ආසියානු රජවරු”