in

අනුන්ගේ කූඩුවල බිත්තර දාලා පැටව් හදාගන්න ලෝකයේ කපටිම කුරුල්ලා

සත්ව ලෝකයේ ඉන්න කපටිම අම්මා කවුද කියලා ඇහුවොත්, ඒකට දෙන්න තියෙන හොඳම උත්තරය තමයි “කමන් කුකු” (Common cuckoo) කුරුල්ලා. අපේ රටේ ඉන්න කොහා වගේම මේ කුරුල්ලත් කවදාවත් තමන්ට කියලා කූඩුවක් හදන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ වෙනත් අහිංසක කුරුල්ලන්ව රවට්ටලා තමන්ගේ පැටවුන්ව ඒ කුරුල්ලන් ලවා හදාගන්න එකයි!

මේ කපටි වැඩේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. ගැහැණු කුරුල්ලා වෙනත් කුරුල්ලන්ගේ කූඩු ගැන හොඳින් සෝදිසියෙන් ඉඳලා, අයිතිකාර කුරුල්ලා කූඩුවෙන් ගිය ගමන් ක්‍රියාත්මක වෙනවා. තත්පර 10ක් වගේ පුංචි වෙලාවක් ඇතුළත කූඩුවේ තියෙන බිත්තරයක් කාලා දාලා හරි බිමට විසි කරලා හරි, ඒ වෙනුවට තමන්ගේ බිත්තරයක් එතනින් තියෙනවා. මේ බිත්තරේ හැඩය සහ පාට කූඩුවේ තියෙන අනිත් බිත්තරවලට සම්පූර්ණයෙන්ම සමානයි! එක කන්නයකට මේ විදිහට කූඩු 10-20ක විතර බිත්තර දාලා මේ අම්මා ආයෙත් කවදාවත් ඒ පැත්තේ එන්නේ නැහැ.

කතාව එතැනින් ඉවර නැහැ. මේ බිත්තරෙන් එළියට එන පැටියා අනිත් කුරුලු පැටවුන්ට වඩා ගොඩක් ලොකුයි වගේම දරුණුයි. ඉපදිලා පැය කිහිපයක් යන්නත් කලින් මේ පැටියා කරන්නේ කූඩුවේ තියෙන අනිත් බිත්තර සහ පැටවුන්ව තමන්ගේ පිටේ තියාගෙන කූඩුවෙන් බිමට තල්ලු කරලා දාන එකයි! කූඩුවේ තනිවෙන මේ යෝධ පැටියා, අර අහිංසක කුරුලු අම්මා ගෙනත් දෙන කෑම ඔක්කොම තනියම කාලා ලොකු මහත් වෙනවා

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

යුධ පිටියේ බෝම්බ මැද සතුන් බේරාගන්නා යුක්රේනයේ වීරයෝ

“දුඹුරු වලසුන්”