in

“දුඹුරු වලසුන්”

පෝලන්තය (Poland) කිව්වම අපිට මතක් වෙන්නේ ලස්සන යුරෝපීය නගර වුණාට, ඒ රටේ තියෙන ඝන කැලෑවල් අස්සේ දැවැන්ත “දුඹුරු වලසුන්” (Brown bears) විශාල පිරිසක් හැංගිලා ජීවත් වෙනවා කියලා ඔබ දන්නවාද? විශේෂයෙන්ම කාර්පේතියන් (Carpathian) කඳුකරයේ ජීවත් වෙන මේ යෝධ සතුන්ගේ ගහනය මේ වෙද්දි පුදුමසහගත විදිහට වර්ධනය වෙලා තියෙනවා.

1960 දශකය වෙනකොට පෝලන්තයේ කැලෑවල ඉතිරි වෙලා හිටියේ මේ දුඹුරු වලසුන් දුසිම් කිහිපයක් විතරයි. හැබැයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ සතුන්ව ආරක්ෂා කරන්න ගෙනාපු දැඩි නීති නිසා අද වෙනකොට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. වර්ග කිලෝමීටර් 6,500ක් පුරා විහිදුණු වනාන්තරවල ජීවත් වෙන මේ වලසුන්ගේ ප්‍රමාණය 2023 සංගණනවලට අනුව 390ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා! මින් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ ගිනිකොනදිග බියෙස්චාඩි (Bieszczady) කඳුකරයේයි.

මේ සත්තු කොයිතරම් විශාල වුණත්, ඇත්තටම එයාලා හරිම අහිංසක, මිනිස්සුන්ව මඟහැරලා යන නිශාචර (nocturnal) සත්තු ජාතියක්. මිනිසුන්ට පහරදීම් සිද්ධ වෙන්නේ හරිම කලාතුරකින්. මීට පෙර මාරාන්තික පහරදීමක් වාර්තා වුණේ 2014 අවුරුද්දේ. හැබැයි වලසුන්ගේ ගහනය වැඩිවීමත් එක්ක, මේ 2026 අවුරුද්දේ වසන්ත කාලයේදී ගම්මානයක් ආසන්නයේදී වලසෙකු සපාකෑමේ සිදුවීමක් වාර්තා වුණා. මේ නිසා වලසුන්ගේ වගේම මිනිසුන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පෝලන්ත රජය විසින් 2026 වසරේදී විශේෂ නව ආරක්ෂණ වැඩපිළිවෙළක් පවා ආරම්භ කරලා තියෙනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

අනුන්ගේ කූඩුවල බිත්තර දාලා පැටව් හදාගන්න ලෝකයේ කපටිම කුරුල්ලා

ලෝකයෙන්ම වඳවී යන්න ඔන්න මෙන්න ඉන්න “වෘකයා”