in

Unit 731

ඉතිහාසයේ “මරණයේ කම්හල” 🩸❌

ජපානය ලෝකයට සැඟවූ බියකරු රහස! 🇯🇵

දෙවැනි ලෝක යුද්ධය කිව්වම අපිට මතක් වෙන්නේ ලේ වැගිරීම්, අවි ආයුධ,හිරෝෂීමා බෝම්බය හරි නාසි කඳවුරු හරි. හැබැයි ඊට වඩා දහස් ගුණයකින් අමනුෂ්‍ය, ඇඟ කිලිපොළා යන “වෛද්‍ය අපරාධ” පෙළක් ජපානය විසින් රහසින් කරගෙන ගියා. ඒ තමයි Unit 731. 🔬💀

📍 මොකක්ද මේ Unit 731?

චීනයේ හර්බින් (Harbin) නගරයේ ජපානය විසින් පවත්වාගෙන ගිය මේ රහස් පර්යේෂණාගාරය පිටතට පෙනුණේ “ජල පිරිපහදු මධ්‍යස්ථානයක්” විදියටයි. හැබැයි ඒ තාප්ප ඇතුළේ සිද්ධ වුණේ මිනිස් මස් කෑලිවලට කපන බිහිසුණු පර්යේෂණ!

😱 සිරකරුවන්ට කළ අමානුෂික දේවල්

මෙහි හිටපු සිරකරුවන්ව හැඳින්වූයේ “මරුටා” (Maruta) හෙවත් “ලී කඳන්” කියන නමින්. ඔවුන්ව මිනිස්සු විදියට නෙවෙයි, පරීක්ෂණ සඳහා යොදාගන්නා ද්‍රව්‍යයක් විදියටයි සැලකුවේ.

1. නොකපා කැපීම (Vivisection): නිර්වින්දන ඖෂධ පවා ලබා නොදී සිරකරුවන් පණපිටින් සිටියදීම ඔවුන්ගේ සිරුරු කපා ඇතුළත අවයව ඉවත් කර පරීක්ෂණ කළා. ජපාන වෛද්‍යවරුන් විශ්වාස කළේ නිර්වින්දනය කළහොත් පරීක්ෂණයේ ප්‍රතිඵල නිවැරදි නොවන බවයි! 🩸⛏️

2. අත් පා මාරු කිරීම: සමහර සිරකරුවන්ගේ අත් කපා ඉවත් කර, ඒවා කකුල් තිබූ තැන්වලට බද්ධ කර සිදුවන දේ නිරීක්ෂණය කළා. තවත් අයගේ අවයව ශීත කළ විට සිදුවන දේ බැලීමට අධික ලෙස ශීත කළ ජලයේ ගිල්වා තැබුවා.

3. ජීව විද්‍යාත්මක අවි: වසංගත රෝග (Anthrax, Plague) සහිත මැක්කන් ගම්මානවලට මුදා හැරීමෙන් ලක්ෂ ගණනක් මිනිස්සු මියගියා. සිරකරුවන්ට විවිධ රෝගකාරක එන්නත් කර ඔවුන් මියයන ආකාරය සිනාසෙමින් බලා සිටි බව කියවෙනවා. 🦠💀

4. වෙනත් අත්හදා බැලීම්: අධික පීඩනය යටතේ මිනිස් ඇස් පිටතට පනින ආකාරය, මිනිසුන්ව දැවැන්ත කේන්ද්‍රාපසාරී යන්ත්‍රවල (Centrifuges) දමා කැරකැවීම වැනි දෑ මෙහි සාමාන්‍ය දේවල් වුණා.

🤫 ඇයි මේ අපරාධකරුවන්ට දඬුවම් නොලැබුණේ?

යුද්ධයෙන් පස්සේ ඇමරිකාව මේ අපරාධකරුවන්ට දඬුවම් දෙනවා වෙනුවට කළේ වෙනත් දෙයක්. ඒ බිහිසුණු පර්යේෂණවලින් ලබාගත් “වෛද්‍ය දත්ත” ලබාගැනීමේ කොන්දේසිය මත යුනිට් 731 හි ප්‍රධානියා ඇතුළු පිරිසට නිදහස ලබා දීමයි. මේ නිසා ලෝකයේ සිදුවූ දරුණුම වෛද්‍ය අපරාධවලට වගකිවයුත්තෝ කිසිම දඬුවමක් නැතිව නිදහසේ ජීවත් වුණා! ⚖️🚫

⚠️ විද්‍යාවේ දියුණුව වෙනුවෙන් මෙවැනි අමානුෂික ක්‍රියා අනුමත කළ හැකිද? අද අපි පාවිච්චි කරන සමහර වෛද්‍ය දැනුම පිටුපස මෙවැනි අහිංසකයන්ගේ ලේ සහ කඳුළු සැඟවී තිබෙනවා.

මේ වගේ ලෝකයේ සැඟවුණු අඳුරු රහස් දැනගන්න “Unknown Diary” අපේ පේජ් එක Follow කරන්න! 👇

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

ලෝකයෙන්ම වඳවී යන්න ඔන්න මෙන්න ඉන්න “වෘකයා”

චෝගාර්හි මිනීමරු ව්‍යාඝ්‍ර යුවළ