in

ලෝකයේ කුඩාම ක්ෂීරපායී සත්වයා!

ක්ෂීරපායී සතෙක් (Mammal) කිව්ව ගමන් අපේ ඔලුවට එන්නේ අලි, සිංහයෝ, තල්මස්සු නැත්නම් මිනිස්සු වගේ ලොකු සත්තුනේ. හැබැයි ඔයාලා කීයෙන් කීදෙනාද දන්නේ ලොකු බඹරෙක්ගේ සයිස් එක විතරක් තියෙන, අපේ අතේ මහපට ඇඟිල්ල උඩ තියාගන්න පුළුවන් ක්ෂීරපායී සතෙකුත් මේ ලෝකයේ ඉන්නවා කියලා? 😱

අද අපි කතා කරන්නේ ලෝකයේ දිගින් අඩුම ක්ෂීරපායී සත්වයා වෙන “Kitti’s Hog-nosed Bat” එහෙමත් නැත්නම් “බම්බල්බී වවුලා” (Bumblebee Bat) ගැනයි!

🔍 කවුද මේ බම්බල්බී වවුලා?

මුළු ලෝකෙෙන්ම මුන්ව දැකගන්න ලැබෙන්නේ තායිලන්තයේ සහ මියන්මාරයේ තියෙන හුණුගල් ගුහා (Limestone caves) ඇතුළේ විතරයි. මුන්ව මුලින්ම සොයාගත්තේ 1973 අවුරුද්දේදීයි. මුගේ නහය හරියට පුංචි ඌරෙක්ගේ නහයක් වගේ පිහිටලා තියෙන නිසයි මුන්ට “Hog-nosed” කියන නම හැදුණේ.

⚖️ මුගේ ප්‍රමාණය ඇහුවොත් ඔයා පුදුම වෙයි!

දිග: මුගේ මුළු ශරීරයේම දිග අඟල් 1.1ක් (මිලිමීටර් 30ක්) විතරයි! ඒ කියන්නේ අපේ රටේ ඉන්න ලොකු බඹරෙක්ගේ (Bumblebee) සයිස් එකමයි.

බර: මුගේ බර ග්‍රෑම් 2ක් විතරයි වෙන්නේ. සරලවම කිව්වොත් අපේ රුපියලේ කාසියක් අතට ගත්තොත් ඒකට වඩා මේ වවුලා බරින් අඩුයි! මුගේ තටු දෙක දිග හැරියම වුණත් තියෙන්නේ අඟල් 5ක වගේ පුංචි ප්‍රමාණයක්.

🦟 මුන් ජීවත් වෙන්නේ කොහොමද?

මේ වවුලෝ අනෙක් වවුලෝ වගේම රාත්‍රී කාලයේදී තමයි දඩයමේ යන්නේ. මුන් ප්‍රධාන වශයෙන්ම කන්නේ මැස්සන්, මදුරුවන් වගේ ඉතාම කුඩා කෘමීන්වයි.

මුන් එක දිගට මිනිත්තු කිහිපයක් විතරක් අහසේ පාවෙමින් ඉඳලා (Hovering) ගස්වල කොළ උඩ ඉන්න පුංචි කෘමීන්ව එකපාරටම ඩැහැගන්න පුදුම දක්ෂතාවයක් තියෙනවා.

අනෙක් වවුලන් වගේම මුනුත් දඩයම් කරන්නේ ඇස්වලින් දැකලා නෙවෙයි, උන් නිකුත් කරන “Echolocation” (ධ්වනි තරංග) උපක්‍රමය පාවිච්චි කරලයි.

🚨 වඳවී යාමේ මාරක තර්ජනය!

මේ පුංචි අහිංසක සත්වයා අද වෙද්දී ලෝකයෙන්ම වඳවී යාමේ දරුණු තර්ජනයකට (Near Threatened) මුහුණ දීලා තියෙනවා.

මුන් ජීවත් වෙන ගුහා අවට තියෙන වනාන්තර මිනිස්සු විසින් සංචාරක ව්‍යාපාරයට සහ කර්මාන්ත සඳහා විනාශ කිරීම නිසා මුන්ට නිදහසේ ඉන්න තැන් අහිමි වෙලා තියෙනවා.

විද්‍යාඥයන් පවසන විදිහට මුළු ලෝකෙටම දැන් මුන් ඉතුරු වෙලා ඉන්නේ දසදහස් ගණනක් වගේ ඉතාම සුළු පිරිසක් විතරයි.

සොබාදහම කියන්නේ කොච්චර අපූරු තැනක්ද කියන්න මේ බම්බල්බී වවුලා නියම උදාහරණයක්. යෝධ නිල් තල්මසාගේ ඉඳන් මේ වගේ පුංචි වවුලා දක්වා හැම ක්ෂීරපායී සතෙක්ම මේ පරිසරයේ පැවැත්මට එක වගේ වටිනවා!

💡 බඹරෙක් සයිස් වවුලෙක් ඉන්නවා කියලා ඔයාලා මීට කලින් දැනගෙන හිටියාද? ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න!

උපුටා ගැනීම : Unknown diary

What do you think?

Written by Mic

මුළු දූපතකම පක්ෂි පරපුර විනාශ කරපු “ගුවාම් දූපතේ යක්ෂයා”