The Bolton Strid! ![]()
![]()
පිටතින් බලද්දී අතිශය ලස්සන, පළල අඩි හතරක් පහක් විතරක් වුණ, ඕනම කෙනෙකුට එක පැනීමෙන් එගොඩ වෙන්න පුළුවන් වගේ පේන පුංචි දිය පහරක්! හැබැයි ඔයා දන්නවද… මේක තමයි මුළු ලෝකෙන්ම තියෙන රවටන සුළුම වගේම 100%ක මරණ අනුපාතයක් තියෙන දරුණුම ගඟ කියලා?
මේ මාරක ස්ථානය හඳුන්වන්නේ “ද බෝල්ටන් ස්ට්රිඩ්” (The Bolton Strid) කියලා. හැබැයි මේක තනිවම පිහිටපු එකක් නෙවෙයි, එංගලන්තයේ තියෙන ප්‍රසිද්ධ “වෝෆ් ගඟේ” (River Wharfe) එක කොටසක්.
වෝෆ් ගඟේ (River Wharfe)
ආරම්භය (Source): මේ ගඟ ආරම්භ වෙන්නේ උතුරු යෝක්ෂයර් (North Yorkshire) හි පිහිටි “යෝක්ෂයර් ඩේල්ස්” (Yorkshire Dales) කියන සුන්දර කඳුකර ප්‍රදේශයේ තියෙන “ලැන්ස්ට්රොත්ඩේල්” (Langstrothdale) කියන නිම්නයෙන්.
ගලා බසින දිශාව සහ අවසානය (Mouth): එතනින් පටන් ගන්න වෝෆ් ගඟ කිලෝමීටර් ගණනාවක් පහළට ගලාගෙන ඇවිත්, අවසානයේදී “අවුස් ගඟට” (River Ouse) එකතු වෙනවා.
සම්පූර්ණ දිඟ: මේ මුළු ගඟේම සම්පූර්ණ දිග කිලෝමීටර් 1046ක් (සැතපුම් 65ක්) විතර වෙනවා.
මාරක බෝල්ටන් ස්ට්රිඩ් කොටස පිහිටීම: මේ කිලෝමීටර් 104ක දිග ගඟෙන්, අතිශය භයානකම “The Bolton Strid” කලාපය පිහිටලා තියෙන්නේ බෝල්ටන් ඇබේ (Bolton Abbey) කියන ඓතිහාසික ප්‍රදේශයට නුදුරින්.
උඩින් නිශ්ශබ්දයි… යටින් අපායක්!



බැලූ බැල්මට මේක පුංචි ඇළ පාරක් වගේ පෙනුණට, මේක ඇතුළේ තියෙන්නේ සොබාදහමේ බිහිසුණුම රහසක්. සාමාන්‍යයෙන් මීටර් 30ක් (අඩි 98ක්) විතර පළල්ව ගලන වෝෆ් ගඟ, එකපාරටම මේ “බෝල්ටන් ස්ට්රිඩ්” කියන කලාපයට එද්දී මීටර් 1-2ක් (අඩි 4-6ක්) තරම් අතිශය පටු සීමාවකට හිර වෙනවා.
මෙතනදී ගඟේ පළල අඩුවුණාට ගලාගෙන එන දැවැන්ත වතුර ප්‍රමාණය (Water volume) අඩු වෙන්නේ නෑ. වෙන්නේ ගඟ හරස් අතට පළල් වෙනවා වෙනුවට, සිරස් අතට (Vertical) පොළොව යටින් අතිශය ගැඹුරු බිහිසුණු ගුහා සහ තියුණු ගල් කුහර පද්ධතියක් නිර්මාණය වීමයි!
හරියට මුළු ගඟම පැත්තකට හැරිලා පොළොව යටින් ගලනවා වගේ! ඒ නිසා උඩින් පේන වතුර ටික විතරක් දැකලා මේකේ ගැඹුර හිතන්න බෑ. මේ පටු සීමාව ඇතුළෙන් වතුර ගලාගෙන යන්නේ අදහාගත නොහැකි අධික වේගයකින්, ප්‍රබල දියසුළි සහ මාරාන්තික යටි සූතිකා (Underwater currents) එක්කයි.
වැටුණොත් මිනියවත් හම්බවෙන්නේ නෑ!


මෙතන තියෙන භයානකම දේ තමයි, මේකේ දෙපැත්තේ තියෙන ගල් පර්වත සෙවල බැඳිලා අතිශය ලිස්සන සුළු වීම. කවුරුහරි කෙනෙක් මේකට පය ලිස්සලා වැටුණොත්, නැත්නම් “මට මේකෙන් පනින්න පුළුවන්” කියලා උඩින් පනින්න ගිහින් වැටුණොත්… එයාට ආයෙත් ජීවිතේ ලැබෙන්නේ නැහැ.
ඇයි දන්නවද? වතුරේ තියෙන අධික යටි සැඩ පහර නිසා වැටුණු ගමන්ම මිනිහෙක්ව පොළොව යට තියෙන අඳුරු ගල් කුහර ඇතුළට ඇදලා ගන්නවා. ඊටපස්සේ ඒ තියුණු ගල් පර්වත අස්සේ හිර කරලා, හුස්ම හිර කරලා විනාඩි ගාණකින් පණ නැති කරලා දානවා. මෙතනට වැටුණු කිසිම කෙනෙක් අද වෙනකම් පණපිටින් බේරිලා නෑ වගේම, වැටුණු අයගේ සිරුරු පවා සති ගණනක් යනකම්, සමහර විට සදහටම සොයාගන්න ලැබෙන්නේ නැහැ.
මධුසමය දවසේම සිද්ධ වුණ ඛේදවාචකය
මෙතනදී අනතුරු ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරින් 1998 වසරේ සිද්ධ වුණ අනතුර මුළු එංගලන්තයම හඬවපු එකක්. බැඳපු අලුතම මධුසමය (Honeymoon) ගත කරන්න ආපු බැරී සහ ලින් ප්‍රිස්ට්ලි කියන තරුණ ජෝඩුව මේ ගඟ අයිනෙන් ඇවිදගෙන යද්දී එකපාරටම ආපු ගංවතුර තත්ත්වයක් නිසා වතුරට ගසාගෙන ගියා. සති ගණනාවක මෙහෙයුම්වලට පස්සෙත් ඔවුන්ගේ සිරුරු සොයාගන්න ලැබුණේ සෑහෙන කාලෙකට පස්සේ මීටර් ගණනාවක් පහළින් තිබිලයි.
අද වෙනකොටත් මේ ගඟ දෙපැත්තේ “ජීවිත අනතුරක්! කිට්ටු වෙන්න එපා!” කියලා විශාල අනතුරු ඇඟවීමේ පුවරු හයි කරලා තියෙනවා.
ලස්සනට රැවටෙන මිනිස්සුන්ව පණපිටින් ගිලගන්න “බෝල්ටන් ස්ට්රිඩ්” කියන්නේ සොබාදහමේ තියෙන බය හිතෙනම වගේම රවටන සුළුම උගුලක් කිව්වොත් නිවැරදියි!
ලෝකයේ මෙන්න මේ වගේ ඔයා නොදන්න අද්භූත, බය හිතෙන සහ රසවත් තොරතුරු හැමදාම දැනගන්න අදම අපේ Enjoy.lk පිටුව Follow කරලා තියාගන්න! ![]()
![]()
උපුටා ගැනීම : Unknown Diary


