in

ඇගේ මව නියැන්ඩර්තාල්වරියක්. පියා ඩෙනිසෝවානු මිනිසෙක්. ඇය ජීවත් වූයේ වසර 90,000කට පමණ පෙරයි!

සයිබීරියාවේ ඩෙනිසෝවා ගුහාවේ ගැඹුරු ස්ථරයකින් විද්‍යාඥයන් සොයාගත් කුඩා අස්ථි කොටසක්, මානව ඉතිහාසය පිළිබඳ අපගේ අවබෝධය වෙනස් කළ විශිෂ්ට සාක්ෂියක් බවට පත්විය. 🧬

DNA විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මෙම අස්ථි කොටස නියැන්ඩර්තාල් මවකට සහ ඩෙනිසෝවානු පියෙකුට උපන් පළමු පරම්පරාවේ දියණියකට අයත් බවයි.

එනම්, වරෙක වෙනස් පුරාණ මානව කණ්ඩායම් දෙකක් ලෙස සැලකූ නියැන්ඩර්තාල්වරුන් සහ ඩෙනිසෝවානුවන් අතර සෘජු අන්තර්ජනනය සිදුවී තිබූ බවට මෙම සොයාගැනීම ප්‍රබල සාක්ෂියක් සපයයි.

ඇයගේ අස්ථිය කියන්නේ ඒ කතාවට ඇති සාක්ෂියයි. 🧬

මෙම සොයාගැනීම පුරාණ මානව ජනගහන පිළිබඳ අපගේ පැරණි අදහස් කිහිපයක් නැවත සිතා බැලීමට හේතු විය.

විවිධ පුරාණ මානව කණ්ඩායම් එකිනෙකාට සමීපව ජීවත් වූ අවස්ථාවලදී ඔවුන් අතර ජාන හුවමාරුව සහ අන්තර්ජනනය සිදුවී ඇති බවට අද පැහැදිලි සාක්ෂි තිබේ.

තවද අපේම ජානවලද එම පුරාණ මානවයන්ගේ උරුමය අදටත් දක්නට ලැබේ. නූතන මිනිසුන්ගේ ජෙනෝමයේ නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවානු ජාන කොටස් හඳුනාගෙන තිබේ. 🌍

විශේෂයෙන්ම ඩෙනිසෝවානුවන් පිළිබඳ අප දන්නා බොහෝ තොරතුරු ලැබී ඇත්තේ පුරාණ DNA අධ්‍යයනයන් මගිනි. ඔවුන්ගේ පැවැත්ම හඳුනාගැනීමට උපකාර වූ සාක්ෂි අතර දත් කිහිපයක්, ඇඟිලි අස්ථියක් සහ මෙම පුරාණ දෙමුහුන් දරුවාගේ අස්ථි කොටසක්ද ඇතුළත් වේ.

🧬 එක් කුඩා අස්ථි කොටසක්…

එක් පුරාණ දැරියකගේ කතාවක්…

මානව ඉතිහාසයේ අප නොදැන සිටි ලෝකයකට කවුළුවක්.

පොසිලවලින් පමණක් හෙළි කළ නොහැකි කතා, අද පුරාණ DNA මගින් නැවත කියවීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ.

වසර දස දහස් ගණනකට පෙර ජීවත් වූ මෙම දැරිය, පුරාණ මානව ලෝකය අප සිතූ තරම් සරල නොවූ බවට අපූරු සාක්ෂියකි.

🌍 ස්වභාවධර්මය කිසිදා අතීතය සම්පූර්ණයෙන් මකා නොදමයි.

සමහර විට එය කුඩා අස්ථි කොටසක DNA තුළ පවා ඉතිරි කරයි. 🧬

🧬 මූලික මූලාශ්‍රය

Viviane Slon සහ පර්යේෂක කණ්ඩායම විසින් කළ පර්යේෂණයේ මාතෘකාව:

“The genome of the offspring of a Neanderthal mother and a Denisovan father”

එය Nature, Volume 561, pages 113–116, 2018 අගෝස්තු 22 දින පළ වී තිබෙනවා. �

Nature

✍️2018දී Nature සඟරාවේ පළ වූ විද්‍යාත්මක පර්යේෂණයක් මතයි

උපුටා ගැනීම : අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya

What do you think?

Written by Mic

වසර මිලියන ගණනක් පැරණි ගසක්… අද ගලක්!