යුරෝපයේ උසම කඳු මුදුන Mount Elbrus තරණය කල ලොව ලාබාලතම පුද්ගලයා වන පන්ජාබ් හි 6 හැවිරිදි Teghbir Singh.![]()
මේ වගේ පොඩි එකෙක් මෙහෙම කඳු නගිනවා කියන්නේ, මේ අපේ එක වසරේ දෙක වසරේ පොඩි එකෙක්.
යුරෝපයේ උසම කඳු මුදුන වන රුසියාවේ පිහිටි මීටර් 5,642 ක් උස Mount Elbrus නගින්න පන්ජාබ් හි 6 හැවිරිදි Teghbir Singh ට පුලුවන් වුණා. ඒ, එසේ කල ලාබාලතම පුද්ගලයා බවට පත් වෙමින්.
මීට පෙර ඔහු අවුරුදු 5 දී, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අප්රේල් වල මීටර් 5,364 ක් උස Everest Base Camp එකට ගියා.
ඒ වගේම ගිය අගෝස්තු වල ඔහු අප්රිකාවේ උසම කඳු මුදුන වන මීටර් 5,895 ක් උස කිලිමන්ජාරෝ Summit කරපු ලාබාලතම ආසියානුවා බවට පත් වුනා.


ලොව වටා


