“චීනයේ ටියෑන් ෂාන් (Tian Shan) කඳුකරයේ ඉතා ඉහළ, වාතය තුනී ප්‍රදේශවල ජීවත් වන මෙම සත්ත්වයා ළමා කතා පොතකින් එළියට පැමිණි එකක් බඳුය. වටකුරු කන් යුගලක් සහ අහිංසක පෙනුමක් ඇති මුහුණකින් යුත් මෙහි, තඹ පැහැති ලප දර්ශනය වේ. ප්‍රදේශවාසීන් මෙය ‘මැජික් හාවා’ ලෙස හඳුන්වන අතර, විද්‍යාඥයන් පවසන්නේ මෙය ලොව ඉතිරිව ඇති ඉතාමත් දුර්ලභ ක්ෂීරපායී සත්ත්වයෙකු විය හැකි බවයි.
මෙම සත්ත්වයා මුලින්ම දැකගත්තේ 1983 වසරේදී ලී වයිඩොං (Li Weidong) නම් තරුණ සංරක්ෂණවේදියෙකු විසිනි. ඔහු ෂින්ජියැං පළාතේ දුෂ්කර කඳු ගැටයක් ගවේෂණය කරන අතරතුර මෙය හමු විය. ඔහු මේපිළිබඳව චීන විද්‍යා ඇකඩමියට දැනුම් දුන් අතර, මෙය ලොව වෙනත් කිසිම තැනක නොමැති නව විශේෂයක් බව තහවුරු විය.
ඉන්පසු මෙම සත්ත්වයා අතුරුදහන් විය.
වසර විස්සකට වැඩි කාලයක් කිසිවෙකුටත් මෙය දැකගත නොහැකි විය. පර්යේෂකයන් කඳුකරය පුරා සෙව්වද කිසිදු සාර්ථකත්වයක් නොවීය. අතීතයේ කඳු බෑවුම්වල බහුලව සිටි මෙම සත්ත්වයන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූ බව පෙනුණි. 2000 දශකයේ මුල් භාගය වන විට, පර්යේෂණවලින් හෙළි වූයේ පිකා සත්ත්වයන් ඉතා අඩුවෙන් තම වාසස්ථානවල ඉතිරිව සිටින බවත්, සැබෑ ලෙසම ඔවුන් කිසිවෙකුත් දැකගත නොහැකි වූ බවත්ය.
ලී වයිඩොං සෙවීම අත්හැරියේ නැත. 2014 වසරේ ග්‍රීෂ්ම සෘතුවේදී, තම පළමු හමුවීමෙන් දශක දෙකකට පසුව, ඔහු නැවතත් එම කඳු ගැටයේ ඉරිතැලීමකින් එබී බලන පිකා සත්ත්වයෙකු සොයා ගත්තේය.
අද වන විට, ලොව ඉතිරිව ඇත්තේ ඉලි පිකා සත්ත්වයන් 1,000කටත් වඩා අඩු පිරිසක් බව විශ්වාස කෙරේ. උෂ්ණත්වය ඉහළ යාම, ගවයන් සඳහා තණබිම් සූදානම් කිරීම සහ පරිසර දූෂණය නිසා මෙම කුඩා, අහිංසක සත්ත්ව විශේෂය වඳවීමේ අද්දරට පැමිණ තිබේ.
ඔවුන් ශීත සෘතුවේදී කඳුකරය හිමෙන් වැසී යාමට පෙර තණකොළ එකතු කර ගනිමින්, ගල් පර අතර සැඟවී ජීවත් වේ. ඔවුන් තව කොපමණ කාලයක් ජීවත් වේ දැයි කිසිවෙකුත් නොදනී.”
පුරාවිද්‍යාව, අභිරහස් අන්තර්ජාලය තෙරතුරු ඇසුරින්”
උපුටා ගැනීම : අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya


