in

ගැන්ඩල්ෆ් පවා ඇතුළු වෙන්න බය වුණු “මෝරියා ගුහාවේ” මාරාන්තික අන්ධකාරය!

The Lord of the Rings (ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්) සිනමාපට ත්‍රිත්වය බලපු කාටවත් “මෝරියා පතල්” (Mines of Moria) නැත්නම් “කසාද්-දුම්” (Khazad-dum) අමතක වෙන්න විදියක් නැහැ. මහා බලගතු මායාකරුවෙක් වුණු ගැන්ඩල්ෆ් (Gandalf) පවා ඒ ගුහාව ඇතුළෙන් යන්න උපරිමයෙන්ම බය වුණා. ඇයි මේ මෝරියා මේ තරම්ම මාරාන්තික වුණේ?

  1. “දුරින්ගේ ශාපය” – The Balrog 🔥👹
    මේක තමයි ප්‍රධානම සහ භයානකම හේතුව. වාමනයන් (Dwarves) වටිනා “මිත්රිල්” (Mithril) ලෝහය සොයාගෙන පොළොව යටටම හාරද්දී, උන් නොදැනුවත්වම පොළොව යට සැඟවිලා නිදාගෙන හිටපු අතිශය බලගතු යක්ෂයෙක්ව අවදි කරගන්නවා.
    ඔහු තමයි Balrog නැත්නම් “Durin’s Bane”.
    මූ ගින්දර සහ අන්ධකාරයෙන් හැදුණු, පළමු යුගයේ ඉඳන්ම ඉතිරි වුණු මාරාන්තික සත්වයෙක්.
    ගැන්ඩල්ෆ් හොඳින්ම දැනගෙන හිටියා තමන්ගේ මායාවලට පවා මෙල්ල කරන්න බැරි තරම් භයානක බලයක් මූට තියෙනවා කියලා. (අන්තිමේදී ගැන්ඩල්ෆ්ට තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න වෙන්නේ මූ නිසා).
  2. දහස් ගණන් ගොබ්ලින් සහ ඕර්ක්ස් රංචු (Goblins & Orcs) 🧌
    වාමනයන්ව ඝාතනය කරලා Balrog මේ රාජධානිය විනාශ කළාට පස්සේ, අඳුරට කැමති දහස් ගණන් දුෂ්ට මෝරියා ගොබ්ලින්වරු සහ කඳුකර ඕර්ක්වරු මේ ගුහා ඇතුළේ පදිංචි වුණා. උන් ගුහාවේ හැම අස්සක් මුල්ලක්ම දන්නවා වගේම, ඇතුළට එන ඕනෑම කෙනෙක්ව වටකරලා දඩයම් කරන්න බලාගෙනයි ඉන්නේ.
  3. සදහටම අතරමං කරවන මහා වංකගිරිය (The Maze) 🗺️❌
    මෝරියා කියන්නේ නිකන්ම එක ගුහාවක් නෙවෙයි. මහා කඳු පන්තියක් යටින් කිලෝමීටර් ගණනාවක් විහිදෙන, තට්ටු කිහිපයකින් යුත්, දහස් ගණන් පටලැවිලි සහිත පාරවල් තියෙන මහා වංකගිරියක්. එක පාරක් වැරදුණොත් සදහටම අඳුරේ අතරමං වෙලා මැරෙන්න සිද්ධ වෙනවා. ගැන්ඩල්ෆ්ට පවා ඇතුළට ගියාට පස්සේ පාර අමතක වෙලා හිරවුණා ඔබට මතක ඇති.
  4. බැල්රින්ගේ අවාසනාවන්ත ලේ වැකි ඉරණම 💀📖
    ෆ්‍රෝඩෝලා මෝරියාට ඇතුළු වෙන්න අවුරුදු කිහිපයකට කලින්, ගිම්ලිගේ ඥාතියෙක් වෙන බැල්රින් (Balrin) ඇතුළු වාමන කණ්ඩායමක් නැවතත් මෝරියා අල්ලගන්න යනවා. හැබැයි ඕර්ක්ස්ලා සහ Balrog උන් හැමෝමවම ඉතාමත් අමානුෂික විදියට මරා දානවා. ෆ්‍රෝඩෝලාට මෝරියා ඇතුළේදී හම්බවෙන්නේ ඒ බැල්රින්ගේ සොහොන සහ උන් මැරෙන්න කලින් ලියපු ලේ තැවරුණු සටහන් පොතයි.
    💬 “The Shadow and Flame…”
    සරලවම කිව්වොත්, මෝරියා කියන්නේ සිනමා ඉතිහාසයේ නිර්මාණය වුණු භයානකම සහ අඳුරුම “නිරයේ දොරටුවක්” බඳු ස්ථානයක්!

උපුටා ගැනීම : Unknown diary

What do you think?

Written by Mic

ඉලි පිකා (Ili pika): නැවත හමුවූ ‘මැජික් හාවා’

ලෝකයේ දරුණුම ගංවතුර ඇති කරපු “චීනයේ කහ මාරයා” |