in

ඊජිප්තුවේ,

වෙරළට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු පතුලේ ගිලී තිබී හමුවූ පෞරාණික Heracleion (Thonis-Heracleion) නගරයෙන් සොයාගනු ලැබූ මෙම අතිදැවැන්ත කළු ග්‍රැනයිට් ශිලා ස්තම්භය (Stele of Sais), අතීත ඊජිප්තු ඉතිහාසයේ අතිශය වැදගත් සොයාගැනීමක් ලෙස සැලකේ.

ක්‍රි.පූ.380 දී ඊජිප්තුවේ 30 වන රාජවංශයේ නිර්මාතෘවරයා වූ Nectanebo I රජු විසින් නිකුත් කරන ලද රාජකීය නියෝගයක් (Royal Decree) මෙහි හයිරොග්ලිෆික් (Hieroglyphics) අක්ෂරවලින් පැහැදිලිව සටහන් කර ඇත.ග්‍රීක වෙළෙන්දන්ගෙන් අයකරන ලද බදු සහ Neith දෙවඟනගේ දේවාලයට එම බදු මුදල් වෙන් කිරීම පිළිබඳ තොරතුරු මෙහි සඳහන් වේ.වසර 2,000කට අධික කාලයක් මුහුදු පතුලේ මඩ සහ ජලය අතර පැවතුණද,මෙහි ඇති අක්ෂර සහ කැටයම් අදටත් කිසිදු හානියක් නැතිව අලුත් වැඩක් මෙන් අතිශය සුරක්ෂිතව පැවතීම පුරාවිද්‍යාඥයන්ගේ දැඩි විස්මයට හේතු වී තිබේ.

වසර 2,000කට වඩා මුහුදු පතුලේ තිබුණත් මෙම ගල් පුවරුවේ අක්ෂර අදටත් මෙලෙස අලුතින් කැටයම් කළාක් මෙන් සුරක්ෂිතව පැවතීම ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න!

Feel Vibe

What do you think?

Written by Mic

ජර්මනියේ යුනෙස්කෝ,