ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවට ආසන්න අබු කීර් (Abu Qir) බොක්කෙහි මුහුදු පතුලේ ගිලී පැවති පෞරාණික “තොනිස්-හෙරක්ලියොන්” (Thonis-Heracleion) වරාය නගරයෙන් මතුකර ගනු ලැබූ,ක්‍රි.පූ.4-3 සියවස්වලට (තොලමයික් යුගයට) අයත් දැවැන්ත ග්‍රැනයිට් ශිලා ප්‍රතිමාවක සැබෑ ඡායාරූපයකි.
ප්‍රංශ සමුද්‍රීය පුරාවිද්‍යාඥ ෆ්‍රැන්ක් ගොඩියෝ (Franck Goddio) ප්‍රමුඛ කණ්ඩායම විසින් සොයාගත් මෙම පෞරාණික නගරය,භූමිකම්පා සහ සුනාමි තත්ත්ව නිසා වසර 1,200කට පෙර මධ්‍යධරණී මුහුදේ ගිලී ගොස් තිබුණි.මුහුදු පතුලේ වැලි තට්ටුවලට යටවී පැවැති නිසා මෙහි ඇති රාජකීය දේව ප්‍රතිමා,නීල ග්‍රැනයිට් කැටයම් සහ අතිවිශාල පූජනීය ව්‍යුහයන් අදටත් ඉතා සුරක්ෂිතව පවතී.පුරාණ ඊජිප්තු සහ ග්‍රීක සංස්කෘතීන් එකිනෙක මුසු වූ ආකාරය තහවුරු කරන,සමුද්‍රීය පුරාවිද්‍යා ඉතිහාසයේ අද්විතීය සාක්ෂියක් ලෙස මෙය සැලකේ.
වසර 1,200කට අධික කාලයක් සමුද්‍ර පතුලේ පැවතුණද මෙවැනි අතිදැවැන්ත ග්‍රැනයිට් ප්‍රතිමා කිසිදු හානියක් නැතිව මෙලෙස සුරක්ෂිතව ඉතිරි වී තිබීම ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න!
Feel Vibe

