in

ගොන්ගල කන්ද (Gongala Mountain)

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම සුන්දර ⁣ගොන්ගල කන්ද උසින් මීටර් 1357 වන අතර මෙය සබරගමු පාලාතේ ඇති උසම කන්ද වන අතරම ශ්‍රී ලංකාවේද 15 වෙනි උසින් වැඩිම කන්ද වේ.ගොන්ගල කියන නම මෙයට ලැබී ඇත්තේ මෙය ගෝනේකුගේ හැඩය ගන්නා බැවිනි.
අනිත් සුවිශේෂී කාරනාව වන්නේ ගොන්ගල කන්ද දකුණු පළාත ඉලක්ක කරගත් ප්‍රධාන පුනරාවර්තන මධ්‍යස්ථානයයි. දකුණු පළාත ඉලක්ක කර ගත්තද ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශ ද ගොංගල කන්දේන් ආවරණය වෙනවා. රූපවාහිනී නාලිකා 10ක් සහ ගුවන්විදුලි නාලිකා 29ක් ගොන්ගල කන්දෙන් විකාශය වන අතර, ගොන්ගල කන්දෙන් විකාශය වන එකම රජයේ නාලිකාව චැනල් අයි නාලිකාවයි .
ගොන්ගල කන්ද නාවික හමුදාව විසින් පාලනය කරනු ලැබන අතර නිල්වලා ගඟේ සහ ගිංගාගේ ආරම්භය ගොංගාල කන්දයි. සිංහරාජ වනාන්තරය ගොන්ගල කන්දට බටහිර දෙසින් පිහිටා ඇති අතර රක්වාන, බලංගොඩ සහ උඩවලව රක්ෂිතය නැඟෙනහිර හා උතුරින් දිස්වේ. පැහැදිලි අහසක් ඇති දිනවල මාතර දකුණු වෙරළ තීරයද දකුණින් දිස්වේ.


📷 Photos credit goes to original owner©

ලොව වටා

What do you think?

Written by Mic

මේ තියෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ගේ අභ්‍යවකාශ ඇඳුම ..

ලෝකයේ දුර්ලභම සහ ආදරණීයම පක්ෂීන්ගෙන් එකක් ගැන සතුටුදායක පුවතක්!