ෆෝන් එක චාජ් කරන ඇඩැප්ටරයේ **OUTPUT** කියලා ලියපු තැන බලන්න. ඒ යටතේ තියෙන අංක කියන්නේ චාජරයෙන් ෆෝන් එකට දෙන්න පුළුවන් විදුලිය ගැනයි.
5V (වෝල්ට් 5)** — විදුලිය තල්ලු කරන පීඩනය වගේ දෙයක්. ඒකට කියන්නේ **වෝල්ටීයතාව
2A (ඇම්පියර් 2)** — ඒ පීඩනය යටතේ චාජරයට ගලා යන්න දෙන්න පුළුවන් උපරිම **විදුලි ධාරාව
20W (වොට් 20)** — චාජරයක **විදුලි බලය මනින අගයක්. චාජරයක *Max 20W* කියලා තිබුණොත්, ඒකෙන් දෙන්න පුළුවන් උපරිම බලය වොට් 20ක්.
දැන් පින්තූරයේ තියෙන චාජරය බලමු.** ඒකේ **5V සහ 2A** කියලා තියෙනවා. දෙක ගුණ කළාම **5 × 2 = 10W**. ඒ කියන්නේ ඒ අගයන් දෙකට අදාළ උපරිම බලය **වොට් 10ක්**.
**20W චාජරයක් ගැහුවාම ෆෝන් එකට හැම වෙලාවෙම 20W ලැබෙනවද?** ෆෝන් එක ඇත්තටම ගන්න බලය, ෆෝන් එක සහ කේබලය සහාය දෙන ආරෝපණ ක්රමය අනුව වෙනස් වෙනවා.
Knowledge “දැනුම ”


