in

නෝර්වේ හි ස්මොලා (Smøla) සුළං උද්‍යානයේ,

සිදු කරන ලද පෙරළිකාර අධ්‍යයනයකට අනුව, සුළං ටර්බයිනයක තනි රෝටර් තලයක් කළු පැහැයෙන් වර්ණාලේප කිරීම මඟින් වේගයෙන් භ්‍රමණය වන තල මතුවට කුරුල්ලන් ගැටීමෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 71.9% කින් අඩු කර ගත හැකි බව අනාවරණය වී තිබේ.

සුළං බලශක්තිය හරිත විදුලිය වෙත සංක්‍රමණය වීමේ මූලික කුළුණක් වුවද, වේගයෙන් භ්‍රමණය වන සුදු පැහැති තල “චලන ස්මියර්” (motion smear) නමින් හැඳින්වෙන සංසිද්ධියක් හේතුවෙන් ආසන්නයෙන් පියාසර කරන පක්ෂීන්ට නොපෙනී යාම නිසා මෙම ගැටලුකාරී පාරිසරික තත්ත්වය උද්ගත වී ඇති අතර, තලයක් මෙලෙස කළු පැහැ ගැන්වීම මඟින් එම දෘශ්‍ය බොඳවීම වළක්වා පක්ෂීන්ට ටර්බයින වඩාත් හොඳින් දර්ශනය වීම තහවුරු කර ඇත.

මෙම සරල ක්‍රමයේ සාර්ථකත්වය හේතුවෙන් මේ වන විට ඇමරිකාවේ වයෝමින් හි ටර්බයින විශාක ගණනක් මත පුළුල් පරිමාණයේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, වනජීවී සංරක්ෂණයට හානි නොකර පිරිසිදු බලශක්ති සංවර්ධනය ඉදිරියට ගෙන යාමට මෙම අඩු තාක්ෂණික ක්‍රමයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බව මූලාශ්‍ර මඟින් පෙන්වා දෙයි.

(Source: May, R., Nygård, T., Falkdalen, U., Åström, J., Hamre, Ø., & Sollie, J. F., 2020, Paint it black: Efficacy of increased wind turbine rotor blade visibility to reduce avian fatalities, Ecology and Evolution)

Bee3

What do you think?

Written by Mic

ආරම්භ කළ “බාබා ලෙනා”