Shedao Island! ![]()
![]()
ලෝකයේ තියෙන හැම දූපතක්ම සුන්දර නැහැ. සමහර දූපත් තියෙනවා දැක්කත් ඇඟ හිරිවැටෙනවා. අන්න ඒ වගේ චීන රජය විසින් මිනිස්සුන්ට ඇතුල් වීම සම්පූර්ණයෙන්ම තහනම් කරපු, සිතියමෙන් පවා හුදකලා කරලා තියෙන අමුතුම දූපතක් තමයි Shedao Island කියන්නේ!
Bohai මුහුදේ පිහිටලා තියෙන මේ පුංචි දූපතට ලෝකයේ හැමෝම කියන්නේ “The Snake Island” නැත්නම් සර්ප දූපත කියලා. වර්ග කිලෝමීටරයකටත් වඩා අඩු මේ පුංචි බිම් කඩේ ඇතුලේ සර්පයෝ විතරක් 20,000 කට වඩා ජීවත් වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඒ කියන්නේ දූපතේ හැම වර්ග මීටර කිහිපයකටම එක සර්පයෙක් බැගින් ඉන්නවා.
කවුද මේ දූපතේ අයිතිකාරයෝ?



මේ මුළු දූපතම පාලනය කරන්නේ එකම එක සර්ප විශේෂයක් විතරයි. උන්ගේ නම තමයි Shedao Island Pit Viper (Gloydius shedaoensis). ලෝකයේ වෙන කිසිම රටක, කිසිම කැලෑවක මේ සර්පයන්ව දකින්න ලැබෙන්නේ නැහැ. මුළු දූපතේම හැම ගහකම, හැම ගල් අස්සකම, බිම හැමතැනම ඉන්නේ මුන් විතරයි!
අවුරුද්දටම කන්නේ දෙපාරයි! (පුදුම පැවැත්ම)
මේ දූපතේ අමුතුම දේ තමයි, මේ සර්පයන්ට කන්න වෙනත් කිසිම ගොඩබිම සතෙක් නැහැ. මීයන්, මැඩියන් වගේ කිසිම කෑමක් මේ දූපතේ නැහැ. ඉතින් මුන් කොහොමද ජීවත් වෙන්නේ?
මෙන්න මෙතනදී තමයි සොබාදහමේ පුදුම සහගත පරිණාමය සිද්ධ වෙන්නේ. මේ දූපත පිහිටලා තියෙන්නේ වලසේ යන කුරුල්ලන් (Migratory Birds) ගමන් කරන මාර්ගයක.
වසන්ත සහ සරත් සෘතුවලදී දසදහස් ගණනින් කුරුල්ලෝ මේ දූපතට ඇවිත් වහනවා.
ඒ කාලෙට මේ සර්පයෝ දහස් ගණනින් ගස් උඩට නැගලා, අතු රිකිලි වගේ සැඟවිලා (Camouflage වෙලා) බලාගෙන ඉන්නවා.
කුරුල්ලෙක් වැහුවා විතරයි, ඇසිපිය හෙලන සැණින් දෂ්ට කරලා ගොදුරු කරගන්නවා!
හැබැයි කුරුල්ලෝ නැති අනෙක් සෘතුවලදී මුන්ට කන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා මුන් මාස ගණනාවක් තිස්සේ කිසිම කෑමක් නැතුව බඩගින්නේ, ශීත නිද්‍රාවට (Hibening) වැටිලා ජීවිතය බේරගන්නවා. ඒ කියන්නේ මුන් වසරකටම කෑම කන්නේ සෘතු දෙකකදී විතරයි!
සාමාන්‍ය Viper උන්ට වඩා මුන් වෙනස් වෙන්නේ ඇයි?
සාමාන්‍යයෙන් Pit Viper කුලයේ සර්පයෙක් ගොදුරකට දෂ්ට කළාට පස්සේ, ඌව අත්හරිනවා. ඊටපස්සේ විෂ ක්‍රියාත්මක වෙලා සතා මැරුණම තමයි පස්සෙන් ගිහින් කන්නේ. හැබැයි Shedao දූපතේ සර්පයෝ එහෙම කළොත්, දෂ්ට කරපු කුරුල්ලා පියඹාගෙන ගිහින් මුහුදට වැටෙන්න පුළුවන්. එතකොට සර්පයට කෑම නැහැ.
ඒ නිසා, මේ දූපතේ ඉන්න සර්පයෝ දෂ්ට කරපු ගමන් කුරුල්ලාව කටින් තද කරලා අල්ලගෙනම ඉන්නවා ඌ මැරෙනකම්ම! වගේම මුන්ගේ විෂ සාමාන්‍ය සර්පයන්ට වඩා ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා.
මිනිස්සුන්ට තහනම් කලාපයක්!
දැනට මේ දූපත චීන රජය විසින් දැඩි ආරක්ෂිත කලාපයක් විදිහට නම් කරලා තියෙන්නේ. සාමාන්‍ය සංචාරකයන්ට මේකට යන්න තබා හිතන්නවත් බැහැ. විශේෂ අවසර ලත් විද්‍යාඥයන්ට විතරක් පර්යේෂණ කරන්න ඇතුළු වෙන්න දෙනවා, ඒකත් ජීවිත අවදානම අතේ තියාගෙන!
උපුටා ගැනීම : Unknown Diary

