in

මිනිසුන්ට කලින් කඩදාසි හොයාගත්තු පුංචි කලඳුරුවෝ

සතුරු ප්‍රහාරවලින් සහ කාලගුණයෙන් බේරෙන්න පුළුවන් ශක්තිමත් බලකොටුවක් නිර්මාණය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. හැබැයි මේ කලඳුරුවන් (Paper wasps) ස්වභාවධර්මයේ තියෙන අමුද්‍රව්‍ය සහ නිසි කළමනාකරණය පාවිච්චි කරලා ඒ වැඩේ හරිම අපූරුවට කරනවා. මිනිස්සු කඩදාසි හදන්න ඉගෙනගන්නත් ගොඩක් කාලෙකට කලින්, මේ පුංචි සත්තු ලී කුඩු පාවිච්චි කරලා වතුර නොයන අපූරු කඩදාසි බලකොටු නිර්මාණය කරන්න පටන් අරගෙන තිබුණා.

මේ කූඩුව හදන විදිහ පුදුමසහගතයි. කම්කරු කලඳුරුවන් තමන්ගේ හකු පාවිච්චි කරලා මැරුණු ගස්වලින් සහ ලී කෑලිවලින් ලී කුඩු සූරාගන්නවා. ඊටපස්සේ මේවා හපාකාලා තමන්ගේ ඛේටය (saliva) එක්ක මිශ්‍ර කරලා අපූරු පල්පයක් (pulp) හදාගන්නවා. මේ ඛේටයේ තියෙන විශේෂ රසායනික ද්‍රව්‍ය සහ ප්‍රෝටීන නිසා මේ පල්පය හරියට වතුර යන්නේ නැති (waterproof), හරිම ශක්තිමත් කඩදාසියක් බවට පත්වෙනවා.

කූඩුවේ නිර්මාණ කටයුතු පටන් ගන්නේ කලඳුරු රැජින විසිනුයි. ඇය ගසක අත්තක හෝ වහලයක තනි නටුවක් හදලා මේ කූඩුව ආරම්භ කරනවා. ඊටපස්සේ කම්කරු කලඳුරුවන් එකතුවෙලා බිත්තර දාන්න පුළුවන් විදිහට ෂඩාස්‍රාකාර (hexagonal) හැඩයේ කුටි නිර්මාණය කරනවා. වැස්සෙන් සහ වෙනත් සතුන්ගෙන් බේරෙන්න මේ කූඩුව වටේට ආරක්ෂිත ආවරණයක් පවා ඔවුන් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි, කූඹින්ගෙන් බේරෙන්න විශේෂ රසායනික ද්‍රව්‍යයක් මේ කූඩුවේ ගාන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ!

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

තමන්ගේ කෙළවලින් කූඩුව හදන ලෝකයේ පුදුමාකාරම කුරුල්ලා

“කහ-කළු” රන්වන් මාරයා