in

තමන්ගේ කෙළවලින් කූඩුව හදන ලෝකයේ පුදුමාකාරම කුරුල්ලා

කුරුල්ලෝ කූඩු හදන්නේ පිදුරු, කොළ සහ කෝටු කෑලිවලින් කියලා අපි දන්නවනේ. හැබැයි තමන්ගේම ඛේටය (කෙළ) පාවිච්චි කරලා කූඩුවක් හදන කුරුල්ලෙක් ගැන ඔබ අහලා තියෙනවාද? මේ අපූරු කුරුල්ලා තමයි “එඩිබල්-නෙස්ට් ස්විෆ්ට්ලට්” (Edible-nest swiftlet).

බෝවන කාලය ආවම මේ කුරුලු පවුලේ පිරිමි සතාගේ දිව යට තියෙන ග්‍රන්ථිවලින් විශේෂ, ඇලෙනසුලු ඛේටයක් නිපදවෙනවා. මේ කුරුල්ලා දවස් 30ත් 40ත් අතර කාලයක් පුරාවට මේ ඛේටය නූල් වගේ ගුහාවේ බිත්තිවල අලවලා කෝප්පයක් වගේ හැඩයට අපූරු කූඩුවක් නිර්මාණය කරනවා. වාතයට නිරාවරණය වුණාම මේ ඛේටය හරිම ශක්තිමත් විදිහට ඝන වෙනවා. මේ වගේ කූඩුවක බර ග්‍රෑම් 8-12ක් විතර වෙනවා.

අනිත් කුරුල්ලෝ වගේ මේ සුදු පාට කූඩු හදන්න මේ කුරුල්ලෝ කිසිම කෝටු කෑල්ලක්වත්, පිහාටුවක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මේ කූඩුවේ 62%ක්ම තියෙන්නේ ප්‍රෝටීන සහ 25%ක් කාබෝහයිඩ්‍රේට්. මේ අපූරු ගුණාංගය නිසා ආසියාතික රටවල (විශේෂයෙන් ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය) මිනිස්සු මේ කූඩු කෑමට ගන්නවා! මේ කූඩුවලින් හදන සුප් (Bird’s nest soup) ලෝකයේ තියෙන මිල අධිකම සහ ගුණදායකම කෑමක් විදිහට සැලකෙනවා. මේ කූඩුවලට තියෙන අධික ඉල්ලුම නිසාම, අද වෙනකොට මේ කුරුල්ලන්ව බෝ කරන්න වෙනම සුවිශාල ගොඩනැගිලි පවා නිර්මාණය කරලා තියෙනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

සාම පණිවුඩය රැගෙන එන සාම පා ගමන (Walk for Peace) මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

මිනිසුන්ට කලින් කඩදාසි හොයාගත්තු පුංචි කලඳුරුවෝ