in

මුහුද අමතක කරලා, ගිනිකන්දක් ඇතුළේ ජීවත් වෙන ලෝකයේ අමුතුම මුහුදු සර්පයා!

Taal Lake Sea Snake

ලෝකයේ ඉන්න දරුණුම සහ විෂ අධිකම සර්පයන් ගැන කතා කරද්දී “මුහුදු සර්පයෝ” (Sea Snakes) කියන්නේ ඉහළින්ම ඉන්න පිරිසක්. හැබැයි මුහුදේ ඉන්න ඕන සර්පයෙක්, මුහුද පැත්ත පළාතක නොගිහින්, සම්පූර්ණයෙන්ම මිරිදිය විලක් ඇතුළේ විතරක් ජීවත් වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?

ඔව්, ඔයා මේ දකින්නෙ ලෝකයේ ඉන්න අතිශය දුර්ලභ, ඒ වගේම සුවිශේෂීම සර්ප විශේෂයක්. මුන්ව හඳුන්වන්නේ Taal Lake Sea Snake (තාල් විලේ මිරිදිය මුහුදු සර්පයා) විදිහටයි. විද්‍යාත්මක නාමය වෙන්නේ Hydrophis semperi.

📍 මුළු ලෝකෙන්ම එකම එක තැනක විතරයි!

මුළු මහත් පෘථිවියෙන්ම මේ සර්පයාව දැකගන්න ලැබෙන්නේ ෆිලිපීනයේ ලුසොන් (Luzon) දූපතේ තියෙන “තාල් විල” (Taal Lake) ඇතුළේ විතරයි. මේ විල සාමාන්‍ය එකක් නෙවෙයි; සක්‍රීය ගිනිකන්දක් මැද පිහිටලා තියෙන “ගිනිකඳු ක්‍රේටර් විලක්” (Volcanic Crater Lake). ලෝකයේ ඉන්න සැබෑ මිරිදිය මුහුදු සර්ප විශේෂ දෙකෙන් එකක් තමයි මෙයා.

🌋 මුහුදු සර්පයෙක් ගිනිකන්ඳක් මැදට ආවේ කොහොමද? (වසර 1000ක රහස)

මේක මාරම රසවත් පරිණාම කතාවක්! මීට සියවස් කිහිපයකට කලින් (16 වැනි සියවසේදී වගේ) සිද්ධ වුණු දරුණු ගිනිකඳු පිපිරීම් මාලාවක් නිසා, මුහුදට සම්බන්ධ වෙලා තිබුණු මේ විශාල ජලාශය මුහුදෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ගොඩබිම ඇතුළේ හුදෙකලා වුණා.

ඊට පස්සේ කාලයත් එක්ක වැසි වතුර එකතු වෙලා මේ විලේ තිබුණු ලුණු වතුර, මිරිදිය (Freshwater) බවට පත් වුණා. ඒ වෙද්දීත් ඒ ජලාශය ඇතුළේ කොටු වුණු මුහුදු සර්පයන්ට එක්කෝ මැරෙන්න සිද්ධ වුණා, නැත්නම් අලුත් පරිසරයට හැඩගැහෙන්න සිද්ධ වුණා. සොබාදහමේ ආශ්චර්යයකට වගේ, මුන් අලුත් මිරිදිය පරිසරයට සාර්ථකව හැඩගැහිලා අලුත්ම සර්ප විශේෂයක් විදිහට පරිණාමය වුණා! ඒ නිසා මුන්ව හඳුන්වන්නේ ලෝකයේ ඉන්න “ලාබාලම” සර්ප විශේෂයක් විදිහටයි.

💀 දෂ්ට කළොත් බේරෙන්න අමාරුද?

මෙයා නාග පවුලට (Elapidae) නෑකම් කියන, මාරාන්තික විෂ සහිත (Highly Venomous) සර්පයෙක්. හැබැයි පුදුමයකට වගේ මුන් මිනිස්සු දැක්කාම පහර දෙන්න එන්නේ නැති, ඉතාමත් සන්සුන්, අහිංසක සර්ප විශේෂයක්.

👀 පෙනුමෙන් තවමත් මුහුදු සර්පයෙක්මයි!

කාලයත් එක්ක මිරිදිය වතුරට හැඩගැහුණත්, මුන්ගේ ඇඟේ තියෙන මුහුදු සර්ප ලක්ෂණ තවමත් ඒ විදිහටම තියෙනවා. වතුරේ වේගයෙන් පීනන්න උදව් වෙන පැතලි, හබලක් වැනි වලිගය (Paddle-like tail) සහ ඇඟ පුරා වැටුණු කළු සහ කහ/සුදු පැහැති තීරු මුන්ගේ අනන්‍යතාවයයි.

ලෝකයේ කොච්චර සතුන් හිටියත්, එකම එක විලක විතරක් කොටු වෙලා, මුහුද අමතක කරපු මේ වගේ අපූරු සත්තු ගැන සොබාදහම අපිට කියලා දෙන්නේ පුදුමාකාර පාඩම්!

උපුටා ගැනීම : Unknown diary

What do you think?

Written by Mic

ලෝකයේ ඉන්න පුංචිම “දඩයක්කාරයා”

මිනිස් බිලි ගන්නා අප්‍රිකාවේ මර උගුල