Rusty-spotted cat කොළ දිවියා![]()
පූස් පැටියෙක් වගේ පෙනුනට මෙයා නියම සිංහයෙක්, කොටියෙක් වගේම දරුණු දඩයක්කාරයෙක්! හැබැයි ප්‍රමාණයෙන් ලෝකයේ ඉන්න කුඩාම වල් බළල් විශේෂය තමයි මේ. ඉංග්‍රීසියෙන් Rusty-spotted cat කියලා හඳුන්වන මෙයාව අපේ ලංකාවේ අය හඳුන්වන්නේ “කොල දිවියා” කියලා.
පූස් පවුලේ “පොඩිම මල්ලි” (Family Felidae)
විද්‍යාත්මකව බැලුවොත් මෙයා අයිති වෙන්නේ බළල් කුලයට, ඒ කියන්නේ ෆෙලිඩේ (Felidae) පවුලටයි. අපි කවුරුත් දන්න සිංහයා, ව්‍යාඝ්‍රයා,කොටියා සහ අපේ ගෙවල්වල ඉන්න සුරතල් පූසා අයිති වෙන්නෙත් මෙන්න මේ පවුලටම තමයි. හැබැයි මේ මුළු සත්ව කුලයෙන්ම ලෝකයේ ඉන්න කුඩාම සාමාජිකයා වෙන්නේ අපේ මේ කොල දිවියායි (Prionailurus rubiginosus). ඒ කියන්නේ සිංහයෙකුට තියෙන දඩයම් සහජ බුද්ධිය, කඩිසරකම සහ නම්‍යශීලී සිරුර මේ පුංචි ශරීරය ඇතුළෙත් උපරිමයෙන්ම පිහිටලා තියෙනවා. බළල් කුලයේ රජුන් සිංහයන් වුණාට, ඒ කුලයේ ලස්සනම සහ පුදුමසහගතම නිර්මාණයක් තමයි මේ පුංචි කොල දිවියා.





1. ඉපදෙනකොට ග්‍රෑම් 70 යි! ![]()
සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු කොල දිවියෙක් බර වෙන්නේ කිලෝග්‍රෑම් 1 සිට 1.6 වගේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ අපේ ගෙවල්වල ඉන්න සාමාන්‍ය පූසෙක්ට වඩා තුන් හතර ගුණයක් මෙයා ප්‍රමාණයෙන් කුඩයි. උපදිනකොට බර වෙන්නේ ග්‍රෑම් 60-77 වගේ පොඩි ප්‍රමාණයක්! ඔයාගේ අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩයි.
2. පෙනුම පූසෙක් වුණාට වැඩ සිංහයෙක් වගේ! ![]()
මෙයාගේ ඇස් දෙක හරිම ලොකුයි, පෙනුම අහිංසකයි. හැබැයි රැවටෙන්න එපා! මෙයා සතුන් දඩයම් කරන්නේ සිංහයෙක්, කොටියෙක් වගේම ඉතාම සූක්ෂ්ම විදිහට. තමන්ගේ ප්‍රමාණය වගේ කීප ගුණයක් ලොකු සත්තුන්ව වුණත් දඩයම් කරන්න මෙයාට පුළුවන්. කුරුල්ලන්, මීයන්, මැඩියන් සහ ලේන්නු තමයි ප්‍රධාන ගොදුරු.
3. ඇස් පෙනීම මිනිසාට වඩා 6 ගුණයක් වැඩියි! ![]()
රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වන මේ අපූරු සත්වයාට අඳුරේදී වුණත් ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම ඇසීමේ සහ ඉවීමේ හැකියාවත් උපරිම මට්ටමක තියෙනවා. ගොදුරක් පොඩ්ඩක් හරි හලන සද්දෙට මීටර් ගාණක් ඈත ඉඳන් පනින්න මෙයාට පුළුවන්.
4. ලංකාවට ආඩම්බරයක්! ![]()
මේ දුර්ලභ සත්වයා ලෝකයේම දකින්න ලැබෙන්නේ රටවල් තුනක විතරයි. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයෙන් විතරයි. අපේ රටේ වියළි කලාපයේ වගේම තෙත් කලාපීය වනාන්තරවලත් මෙයා ජීවත් වෙනවා.
ලොකුම තර්ජනය
මේ වෙනකොට වනාන්තර විනාශ වීම සහ මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා (සාමාන්‍ය පූස් පැටියෙක් කියලා හිතලා ඇති කරන්න හැදීම හෝ වල් පූසෙක් කියලා මරා දැමීම නිසා) මේ අහිංසක සතුන් වඳවී යාමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා.
ඔබත් මෙයා වගේ සතෙක්ව මීට කලින් දැකලා තියෙනවාද? ඔබේ අදහස කමෙන්ට් කරගෙන යන්න! ![]()
උපුටා ගැනීම : Unknown diary


