“සැබෑවිය නොහැකි සේ පෙනුණත්, ඔබේ සිහින දැකීම කිසිදා අත්හරින්න එපා.” — මේ අදහස යුස්රා මර්ඩිනීගේ ජීවිත කතාවට අපූරුවට ගැළපෙනවා.
සිරියාවේ උපන් යුස්රා කුඩා කාලයේ සිටම පිහිනීමට දක්ෂ වූ අතර, ඇගේ පියා පිහිනුම් පුහුණුකරුවෙකු වීමද ඇයට විශාල ආභාෂයක් වුණා. නමුත් සිරියානු යුද්ධය හේතුවෙන් ඇගේ ජීවිතයත්, ඔලිම්පික් සිහිනයත් දැඩි අභියෝගයකට ලක් වුණා.
2015දී, වයස අවුරුදු 17ක් වූ යුස්රා ඇගේ වැඩිමහල් සොයුරිය සාරා මර්ඩිනී සමඟ සිරියාවෙන් පිටවී යුරෝපය බලා ගමන් ආරම්භ කළා.
තුර්කියේ සිට ග්රීසියට යාමට ඔවුන් ගොඩ වූ කුඩා බෝට්ටුවේ පුද්ගලයන් 20 දෙනෙකු සිටියා. නමුත් මුහුද මැදදී බෝට්ටුවේ එන්ජිම ක්රියා විරහිත වීමත් සමඟ එය ගිලී යාමේ අවදානමක් ඇති වුණා.
එම අවස්ථාවේදී යුස්රා සහ සාරා තවත් දෙදෙනෙකු සමඟ මුහුදට බැස, බෝට්ටුව ස්ථාවර කරමින් එය වෙරළ දෙසට තල්ලු කිරීමට උපකාර කළා. ඔවුන් පැය 3කට වැඩි කාලයක් මුහුදේ අරගල කරමින් බෝට්ටුවේ සිටි අනෙක් පුද්ගලයන් 18 දෙනාගේ ජීවිත බේරාගැනීමට දායක වුණා.
අවසානයේ ඔවුන් ග්රීසියට ළඟා වූ අතර, දුෂ්කර දින 25ක පමණ ගමනකින් ජර්මනියට පැමිණියා.
නමුත් යුස්රාගේ සිහිනය එතැනින් අවසන් වුණේ නැහැ.
2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඇය ඉතිහාසයේ පළමු Refugee Olympic Team එක නියෝජනය කරමින් ඔලිම්පික් තරඟයකට සහභාගි වුණා.
ඉන්පසුව 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදීත් ඇය Refugee Olympic Team එක නියෝජනය කළා.
ඇගේ ජීවිත කතාව පසුව The Swimmers නම් චිත්රපටය හරහා ලොව පුරා ප්රසිද්ධ වුණා.
යුස්රා මර්ඩිනීගේ කතාව අපට කියා දෙන්නේ එක දෙයක් — තත්වයන් කොතරම් අසීරු වුණත්, තමන්ගේ සිහිනය වෙනුවෙන් උත්සාහ කිරීම කිසිදා අත්හැරිය යුතු නැහැ.
යුද්ධයෙන් පලා ගිය සරණාගත දැරියක් → මුහුද මැද ජීවිත බේරාගත් තරුණියක් → ඔලිම්පික් ක්රීඩිකාවක්.
Knowledge “දැනුම ”


