in

ලෝකයේ තියෙන අතිශය අද්භූත සහ භයානක කළු ගඟ

“Black River” 🐊💀

ඔයාලා දන්නවද ලෝකේ එක තැනක් තියෙනවා… ඒ ගඟේ වතුර සම්පූර්ණයෙන්ම තාර වගේ තද කළු පාටයි! හැබැයි ඒක අපවිත්‍ර වෙලා නෙවෙයි. ඒ වතුර යට මොනවා තියෙනවද කියලා උඩට දකින්න ලැබෙන්නෙත් නැහැ. හැරෙන හැරෙන පැත්තට මරණය රැකගෙන ඉන්න, යෝධ කිඹුල්ලු සිය ගණනකගේ රාජධානියක් වුණු මේ ගඟ තියෙන්නේ ජැමෙයිකාවේ (Jamaica). මේකට කියන්නේ “Black River” කියලා!

1. තාර වගේ කළු වතුර! 🖤

මේ ගඟ උඩින් බලද්දී හරියට කළු පාට තීන්ත ගඟක් වගේ. හැබැයි ඇත්තටම මෙහි වතුර හරිම පිරිසිදුයි. ගඟ පතුලේ සියවස් ගණනාවක් තිස්සේ එකතු වුණු ඝන පීට් පස (Peat) සහ කුණු වුණු ශාක පත්‍ර නිසා තමයි මුළු ගඟම කළු පාටට පේන්නේ. මේ කළු පාට නිසා අඩි දෙකක් එහායින් ඉන්න කිඹුලෙක්වත් වතුර උඩට එනකම්ම පේන්නේ නැහැ!

2. කොහෙන්ද මේක පටන් ගන්නේ?

ආරම්භය: මේ අද්භූත කළු ගඟ උල්පතක් විදිහට ආරම්භ වෙන්නේ ජැමෙයිකාවේ දකුණු ප්‍රදේශයේ තියෙන “Cockpit Country” කියන කඳුකර වනාන්තර කලාපයෙන්. එතැනින් පටන්ගෙන පොළොව යටින් ගලාගෙන ඇවිත් “Siloah” කියන ප්‍රදේශයෙන් තමයි මතුපිටට මතුවෙන්නේ.

දිග: මුළු ගඟේ දිග කිලෝමීටර් 53.4ක් (සැතපුම් 33ක්) විතර වෙනවා.

පළල සහ ගැඹුර: ගඟේ පළල සහ ගැඹුර තැන් තැන්වලට වෙනස් වෙනවා. ගඟේ මැද හරියට වෙන්න අඩි 15 සිට 20ක් දක්වා (මීටර් 4.5 – 6ක් පමණ) සෑහෙන්න ගැඹුරු ප්‍රපාතයන් තියෙනවා. ගඟ මෝය අසලදී මීටර් 30කට වඩා පළල් වන අතර, ජල ධාරිතාව ඉතාමත් වැඩියි.

3. මිනීකන කිඹුල්ලු 300කගේ තිප්පලක්! 🐊

Black River එකේ ප්‍රධානම පාලකයන් තමයි “ඇමරිකානු කිඹුල්ලු” (American Crocodiles). මේ ගඟ අයිනේ තියෙන යෝධ මඩ වගුරේ උන් 300කට වඩා ජීවත් වෙනවා. මෑතකදීත් මේ ගඟේ මාලු බාන්න සහ හොරෙන් නාන්න ගිය මිනිස්සුන්ට මේ යෝධයෝ දරුණු විදියට පහර දීලා තියෙනවා.

4. මරණයේ මඩ වගුර: “The Great Morass”

ගඟ මුහුදට වැටෙන මෝය ආශ්‍රිතව වර්ග කිලෝමීටර් 72ක් පුරා පැතිරුණු පාලු, ගුප්ත කඩොලාන වනාන්තර සහ මඩ වගුරු කලාපයක් තියෙනවා. මේකට කියන්නේ “The Great Morass” කියලා. එක පාරක් මේක අස්සේ අතරමං වුණොත්, කිඹුල්ලුන්ගෙන් බේරිලා පණපිටින් එනවා කියන එක හීනයක් විතරයි.

🚨 අවසන් අනතුරු ඇඟවීම

මේ ගඟේ බෝට්ටුවක ගිහින් සෆාරි එකක් දාන්න සංචාරකයන්ට අවස්ථාව තියෙනවා. හැබැයි ගඟ අයිනේ ගහලා තියෙන බෝඩ් ලෑලිවල තියෙන්නේ එකම එක දෙයයි… “DO NOT SWIM!” (කිසිසේත්ම වතුරට බහින්න එපා). වීරයා වෙන්න ගිහින් එක අඩියක් වතුරට තිබ්බොත්, ඒක ජීවිතේ අවසාන අඩිය වෙන්න පුළුවන්! 💀

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

ටොන් එකක බරින් පොළොව හොල්ලන ඇමරිකාවේ “මහා යෝධයා”

මිනිසෙකුට වඩා විශාල ඩයිනෝසෝර අස්ථියක්!