in

වසරකට පසු වූ හමුවීම: ආදරයේ සීමා මායිම් නැති හැඟීම්බර කතාව!

ලන්ඩනයේ හරෝඩ්ස් (Harrods) සාප්පු සංකීර්ණයෙන් මිලදී ගත් කුඩා සිංහ පැටවෙකු වූ “ක්‍රිස්ටියන්” සහ ඔහුව රැකබලා ගත් ජෝන් රෙන්ඩාල් සහ ඇන්තනි බර්ක් අතර තිබූ බැඳීම ලෝකයේ කිසිදා අමතක නොවන සුන්දරම කතාවකි.

🍀කතාවේ ඇරඹුම:

1969 දී ජෝන් සහ ඇන්තනි විසින් මෙම සිංහ පැටවාව ලන්ඩනයේදී හදා වඩා ගන්නා ලදී. නමුත් ක්‍රිස්ටියන් වැඩෙත්ම ඔහුට නිදහස් පරිසරයක් අවශ්‍ය බව වටහාගත් ඔවුන්, ඔහුව අප්‍රිකාවේ වනගත පරිසරයකට මුදා හැරීමට තීරණය කළහ.

🍀​වසරක වෙන්වීම:

ක්‍රිස්ටියන්ව අප්‍රිකාවේ ජෝර්ජ් ඇඩම්සන්ගේ භාරයට පත් කිරීමෙන් පසු, වසරක කාලයක් ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව සිටියහ. බොහෝ දෙනෙක් පැවසුවේ වසරකට පසු සිංහයෙකු තමන් හදා වඩා ගත් පුද්ගලයින්ව හඳුනා නොගන්නා බවත්, ඔවුන් වෙත ගියහොත් සිංහයා පහර දෙනු ඇති බවත්ය.

🍀එම හැඟීම්බර මොහොත:

සියලු අවදානම් නොතකා ඔවුන් නැවතත් ක්‍රිස්ටියන්ව හමුවීමට අප්‍රිකාවට ගියහ. ඔවුන් දුටු සැනින්, ක්‍රිස්ටියන් තත්පරයක්වත් ප්‍රමාද නොවී වේගයෙන් ඔවුන් දෙසට දිව විත්, තම ඉදිරිපස දෙපයින් ඔවුන්ව බදාගෙන ඉතා ආදරයෙන් තම ආදරය සහ මිත්‍රත්වය විදහා දැක්වීය. සතුන්ටත් හදවතක් ඇති බවත්, ආදරය සහ කරුණාව යනු ඕනෑම ජීවියෙකුට දැනෙන භාෂාවක් බවත් ලෝකයට පෙන්වා දුන් සුවිශේෂීම අවස්ථාව එය විය.

උපුටා ගැනීම : අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya

What do you think?

Written by Mic

මිනිස් ඉතිහාසයටත් වඩා පැරණි, පෘථිවියේ දරුණුම “සිරගෙය”

ලිවීමේ කලාවේ විශ්මිත ඉතිහාසය