in

සත්ත්ව ලෝකයේ පළමු සිවිල් යුද්ධය

චිම්පන්සින් අතර ඇතිවූ මාරාන්තික “ගොම්බේ යුද්ධය” (Gombe Chimpanzee War) 🐒 !

අපි ආසාවෙන් බලපු planet of the apes මතකද? ඒක බැලුවට පස්සෙ හැම කෙනෙක්ගෙම හිතට ආපු දෙයක් තමයි කවදා හරි දවසක සතුන් ඒ වගේ දරුණු වෙලා මිනිසුන්ට පහර දීලා මේ ලෝකෙ පාලනය කරයි කියන එක.

හැබැයි ඔයාලා දන්නවද ඒ වගේ සිද්ධි මේ වෙනකොටත් මේ ලෝකෙ සිද්ධ වෙනවා කියලා??

ඔව් අපිට එහෙම දෙයක් මුලින්ම අහන්න ලැබෙන්නෙ 1974 අවුරුද්දේ ටැන්සානියාවේ ගොම්බේ (Gombe) ජාතික උද්‍යානයෙන්.

එකම කල්ලියක හිටපු චිම්පන්සින් දෙකට බෙදිලා, අවුරුදු 4ක් තිස්සේ තමන්ගේම යහළුවන්ව දරුණු විදිහට මරාගත්ත ඒ අබිරහස් යුද්ධයේ කතාව තමයි මේ. 👇

📌 කොහොමද මේක පටන් ගත්තේ?

මුලින්ම මේ හැමෝම හිටියේ Kasakela කියන එකම කල්ලියක. හැබැයි 1974 දී මේ කල්ලිය ඇතුළේ ප්‍රශ්න ඇතිවෙලා පිරිසක් වෙන් වෙලා ගියා.

• Kasakela (උතුරු කල්ලිය): ප්‍රධාන කණ්ඩායම.

• Kahama (දකුණු කල්ලිය): වෙන් වී ගිය කණ්ඩායම (මේ කණ්ඩායමට පිරිමි සතුන් 6ක්, ගැහැනු සතුන් 3ක් සහ ඔවුන්ගේ පැටවුන් අයිති වුණා).

📌 මිතුරන් හතුරන් වූ හැටි ⚔️

වසර ගණනාවක් එකට සෙල්ලම් කරපු, එකට කෑම හොයපු මේ සත්තු එකපාරටම මාරාන්තික සතුරෝ වුණා. Kasakela කල්ලියේ පිරිමි සතුන් එකතු වෙලා Kahama කල්ලියේ සතුන්ව එකා බැගින් දඩයම් කරන්න පටන් ගත්තා.

📌 අතිශය දරුණු ප්‍රහාර (The Brutal Attacks)

ලෝක ප්‍රකට සත්ත්ව විද්‍යාඥ ජේන් ගුඩෝල් (Jane Goodall) මේ සිදුවීම ඇස් දෙකෙන් දැකලා වාර්තා කරලා තිබුණා. ඇය පවසන විදිහට:

• Kasakela සතුන් එකතු වෙලා Kahama කල්ලියේ හිටපු “Godi” කියන චිම්පන්සියාව වටකරලා, අල්ලාගෙන, අතිශය දරුණු විදිහට පහර දීලා මරා දැම්මා.

• ඊට පස්සේ ඔවුන් මළ සිරුර වටේ නටමින් ජයග්‍රහණය සැමරුවා! මේක සතුන්ගෙන් බලාපොරොත්තු නොවුණු “මිනිස් ගතිගුණයක්”.

• වසර 4ක් අවසානයේ Kahama කල්ලියේ හිටපු සෑම පිරිමි සතෙකුම Kasakela සතුන් අතින් ඝාතනය වුණා. ගැහැනු සතුන්ව බලහත්කාරයෙන් තම කල්ලියට නතු කරගත්තා.

📌 ඇයි මේක මෙච්චර අද්භූත? 🕵️

විද්‍යාඥයන් අදටත් හොයනවා ඇයි මේ සත්තු මෙච්චර දරුණු වුණේ කියලා.

1. බලලෝභීත්වය: කල්ලියේ නායකත්වය සහ බලය අල්ලන්න මිනිස්සු කරනවා වගේම වැඩක් මුන් කළාද?

2. සැලසුම් සහගත බව: මුන් නිකම්ම පහර දුන්නේ නැහැ. හතුරන්ව තනි වෙනකම් ඉඳලා “Ambush” (සැඟවී සිට පහරදීම) ක්‍රමයටයි දඩයම් කළේ.

⚠️ ජේන් ගුඩෝල්ගේ කම්පනය

ඇය පසුව ලියා තිබුණේ මේ සිදුවීමෙන් පස්සේ ඇයට රාත්‍රියේ නින්ද ගියේ නැති බවයි. චිම්පන්සින් කියන්නේ හරිම අහිංසක සත්ව කොට්ඨාසයක් කියලා හිතාගෙන හිටපු ලෝකයට, ඔවුන් තුළත් මිනීමරු දරුණු ගතිගුණ තියෙන බව මේ යුද්ධයෙන් ඔප්පු වුණා.

ඔබ හිතනවාද මිනිස්සු යුධ වැදීමේ ගතිගුණය අපිට ලැබුණේ මේ වඳුරු පරපුරෙන් කියලා? ඔයාගේ අදහස පල්ලෙහයින් කමෙන්ට් කරන්න! 👇

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

අහස ඉරි තලන මැජික් එකේ රහස

බ්‍රසීලය හොල්ලන ලේ පිපාසිත අධිරාජ්‍යය