වෙනත් රටක කැලෑවකට ගිහින් ඒක තමන්ගේ අලුත් රාජධානිය කියලා ප්‍රකාශ කරපු අරුම පුදුම පුද්ගලයෙක් ගැන ඔබ අහලා තියෙනවාද? 2025 අවුරුද්දේ වසන්ත කාලයේදී, “කොෆි ඔෆේ” (Kofi Offeh) කියන 36 හැවිරිදි ඝානා ජාතිකයා තමන්ව “රජතුමා” (King Atehene) විදිහට හඳුන්වාගෙන, තවත් කාන්තාවන් දෙදෙනෙක් එක්ක ස්කොට්ලන්තයේ (Scotland) කැලෑබද ප්‍රදේශයක කඳවුරක් ගහගත්තා.
ඔවුන් මේ කැලෑව “කුබාලා රාජධානිය” (Kingdom of Kubala) කියලා නම් කළා. අවුරුදු 400කට කලින් තමන්ගෙන් උදුරාගත්තු තමන්ගේ මුතුන්මිත්තන්ගේ ඉඩමක් කියලා තමයි ඔහු මේ කැලෑවට අයිතිවාසිකම් කිව්වේ. ඒ රටේ කිසිම නීතියක් පිළිගන්නේ නැතිව කැලෑවේ ජීවත් වුණු මේ අපූරු රාජකීය පවුල ගැන වීඩියෝ සමාජ මාධ්‍යවල ගොඩක් ජනප්‍රිය වුණා. ඔවුන්ගේ මේ අමුතු වැඩ බලන්න ලක්ෂයකට වඩා පිරිසක් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ව Follow කරන්න පටන් ගත්තා!
හැබැයි නීතියෙන් බේරිලා මෙහෙම ඉන්න බැහැනේ. ඉඩම් අයිතිකරුවන් සහ ප්‍රාදේශීය සභාව නීතිමය පියවර අරගෙන ඔවුන්ව කිහිප සැරයක්ම එතැනින් ඉවත් කළා. හැබැයි ඔවුන් කළේ මීටර් කිහිපයක් එහාට ගිහින් ආයෙත් කඳවුර ගහගත්ත එකයි. කොහොමවුණත් මේ අපූරු රාජධානියේ කතාව අවසානයේදී නිමාවට පත්වුණා. ඊයේ (2026 අප්‍රේල් 23) එක්සත් රාජධානියේ රජය විසින් මේ “රජතුමාව” ආපහු ඔහුගේ මව් රට වෙන ඝානාවට පිටුවහල් (deport) කළා
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


