in

සාම පණිවුඩය රැගෙන එන සාම පා ගමන (Walk for Peace) මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

මේ පුවතට තවත් අපූර්වත්වයක් එක් කරන විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආලෝකා (Aloka).ආලෝකා කියන්නේ සාමාන්‍ය සුනඛයෙක් නෙවෙයි. බොහෝ විට ගුවන් ගමන් වලදී සතුන්ට හිමිවන්නේ යානයේ භාණ්ඩ ගබඩා කරන (Cargo) සීතල අඳුරු කුටිය වුණත් ආලෝකාට ඒ නීතිය අදාළ නැහැ. ඇයට අවසර ලැබී තිබෙන්නේ මගී මැදිරියේ මිනිසුන් අතරම ගමන් කරන්නටයි.

පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහෙයවනු ලබන මෙම සාම පා ගමන සඳහා වැඩම කරන ගුවන් යානය තුළ මහා සංඝරත්නය අසලම ආලෝකා වෙනුවෙන් විශේෂ ආසනයක් වෙන් කර තිබීම සුවිශේෂී දසුනක්. ඇය හුදෙක් සතෙකු නොව සාමයේ දූතයෙකු ලෙස දැන් එම ගෞරවයට පාත්‍ර වී අවසානයි.

උපුටා ගැනීම : Dutu Nodutu Lokaya

What do you think?

Written by Mic

කොටියාද? දිවියාද? ව්‍යාඝ්‍රයද?ලංකාවේ අපිට නිතරම වැරදෙන නම!

තමන්ගේ කෙළවලින් කූඩුව හදන ලෝකයේ පුදුමාකාරම කුරුල්ලා