Timber Rattlesnake ![]()
![]()
පාරක් අයිනේ දඟර ගැහිලා, පහරදෙන්න සූදානමින් ඉන්න මේ කළුම කළු සර්පයාගේ වීඩියෝ එකක් දැක්කම මුලින්ම හිතෙන්නේ මේක බොරු හෝ “AI” මඟින් නිර්මාණය කරපු එකක් කියලයි.
නමුත් ඇත්තම කතාව මේකයි… මූ ඇත්තම සතෙක්! මෙයාගේ නම Timber Rattlesnake.
විද්‍යාත්මක පසුබිම
විද්‍යාත්මක නාමය (Scientific Name): Crotalus horridus
අයත් වන කුලය (Family): Viperidae (වයිපර් හෙවත් පොළොං කුලයටයි මූ අයිති වෙන්නේ. ඒ වගේම Crotalinae කියන Pit Viper උප-කුලයටත් ඇතුළත් වෙනවා)
ජීවත් වන ප්‍රදේශ (Habitat): මූ මූලිකවම දකින්න ලැබෙන්නේ උතුරු ඇමරිකාවේ (විශේෂයෙන්ම නැගෙනහිර සහ මධ්‍යම ඇමරිකානු එක්සත් ජනපදයේ) තියෙන ඝන වනාන්තර, කඳුකර බෑවුම් සහ ගල් පර්වත බහුල ප්‍රදේශවලයි.
මොකක්ද මේ “Black Phase” කියන්නේ?
මූ වෙනම සර්ප කුලයක් නෙවෙයි. සාමාන්‍යයෙන් Timber Rattlesnake සර්පයන්ව දකින්න ලැබෙන්නේ ලා දුඹුරු හෝ අළු පාට වයිරම් සහිත ශරීරයකින් (Light Phase). හැබැයි ජානමය බලපෑමක් නිසා මුළු ශරීරයම තද කළු හෝ ගල් අඟුරු පාටක් ගන්නා සත්තුත් බිහිවෙනවා. උන්ව හඳුන්වන්නේ “Black Phase” කියලා.
හරියට අපේ රටේ ඉන්න සාමාන්‍ය කොටියා (Leopard) සහ කළු කොටියා (Black Panther) වගේම තමයි. සත්තු දෙන්නම එකම විශේෂය, වෙනස තියෙන්නේ බාහිර වර්ණයේ විතරයි! විශේෂයෙන්ම වයසින් මුහුකුරා යන පිරිමි සතුන් තමයි මේ වගේ තද කළු පාටක් ගන්නේ.




වලිගයෙන් මරණයේ සලකුණ දෙන හැටි!
පින්තූරය දෙස හොඳින් බැලුවොත් ඔබට පෙනේවි සර්පයාගේ වලිගය කෙළවර තියෙන ලා පැහැති කොටස. ඒකට කියන්නේ “Rattle” එක කියලා. තමන්ට අනතුරක් දැනුන සැනින් මූ කරන්නේ වලිගය තත්පරයට අධික වාර ගණනක් සලමින් ලොකු “කිරි කිරි” ශබ්දයක් පිට කරන එකයි. ඒක හරියට “මං ළඟට එන්න එපා, ආවොත් ඉවරයි!” කියලා දෙන අවසන් අනතුරු ඇඟවීමක් වගෙයි.
සුළුකොට තකන්න එපා… මූ ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි!
Timber Rattlesnake කියන්නේ ඇමරිකාවේ ඉන්න දරුණුතම විෂ සහිත (Venomous) සර්පයෙක්. මුන්ගේ දේහය තුළ තියෙන Hemotoxin කියන විෂ වර්ගය නිසා මිනිසෙකුගේ රුධිර සෛල සහ පටක විනාශ කර දමන්න තත්පර ගණනක් ඇති. හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා නිසා මුන්ගේ විෂ ග්‍රන්ථි ඉතා විශාලව පිහිටා තිබෙනවා.
වාසනාවකට වගේ මොවුන් ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි වනජීවී ලෝලීන් සහ Hiking යන අය අතර මේ “කළු මාරයා” දැකීම විශාල වාසනාවක් වගේම ත්‍රාසජනක අත්දැකීමක් විදිහටයි සැලකෙන්නේ.
ඔබට මෙවැනි සතෙක් මඟ තොටේදී හමු වුණොත් ඔබ මොකද කරන්නේ? පින්තූරයක් අරන් මඟ හැරලා යනවාද? නැත්නම් දුවනවාද? කමෙන්ට් එකක් දාගෙන යන්න! ![]()
![]()
උපුටා ගැනීම : Enjoy.LK


