in

සිය පවුල සහ මිතුරන් ඉදිරියේදීම පොළොවෙන් අතුරුදහන් වූ මිනිසා

ඩේවිඩ් ලැන්ග් කියන්නේ ඇමෙරිකානු ජාතික ගොවියෙක්. ඒ 1880 සැප්තැම්බර් 23 වැනිදා. එදා හවස ඩේවිඩ් ලැන්ග් තමන්ගේ ගෙදර දිහාට ඇවිදගෙන එන ගමන් ඉන්නේ. ගෙදරට කිට්ටු වෙන ඩේවිඩ් ලැන්ග් තමන්ගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින්ව දැකලා ඔවුන්‍ට අත වනනවා. ඒත් එකපාරට මේ පිරිස බලන් ඉත්දිම ඔවුන් ඉදිරියේම ඩේවිඩ් අතුරුදහන් වෙනවා. මෙතන ඩේවිඩ්ට හැන්ගෙන්න තරමේ ගහක් කොලක්වත් නැති හිස් ඉඩමක්. ඩේවිඩ්ව නිකන්ම තුනී වාතය තුලින් අතුරුදන් වෙනවා ‼️

ඉතින් කියන්න ඕන්නෑනේ. මේකෙන් ඩේවිඩ්ගේ පවුලේ අයත්, යාලුවනුත් හැමෝම මේකෙන් භය වෙලා ඩේවිඩ්ව හොයන්න ගන්නවා. නමුත් ආයෙම ඩේවිඩ් ගැන කිසිම හෝඩුවාවක් ලැබෙන්නෑ. මේක ඩේවිඩ්ගේ පවුලෙ අයට ලොකු ඛේදවාචකයක් උනත් ඩේවිඩ්ගේ බිරිඳ තීරණය කරනවා තමන්ගෙ සැමියා ගැන ආරන්චියක් ලැබෙනකන් තමන්ගේ පවුලත් අරගෙන වෙනත් තැනකට නොයා ඉන්න 👽

කොහොම උනත් සිද්දියෙන් මාස හතකට පස්සේ ඩේවිඩ්ගේ කුඩා දියණිය ඩේවිඩ් අතුරුදන් උන හරියේ සෙල්ලම් කරමින් ඉන්නවා. ඇයට ඇහෙනවා ඇගේ පියා අඬන හඬත් උදව් ඉල්ලන හඬත්. ඩේවිඩ් අවසාන වතාවට දැක්ක තැන තියෙන මැරුණු තණකොළ කවයක් ඇර වෙන කිසිම දෙයක් ඇයට දකින්න ලැබෙන්නෑ. භය වෙන දරුවා තමන්ගෙ අම්මට ඇහෙන්න කෑගහනවා. තමන්ගෙ දියණියගේ කෑගැහීම ඇහෙන ලෑන්ග් මහත්මිය වහාම එතනට දුවගෙන යනවා. ඇයතසැර මැරුණු තණකොළ කවය දකිනවා. නමුත් ඇයට තමන්ගෙ සැමියාගේ කටහඬ අහන්න ලැබෙන්නෑ. කොහොම උනත් මේකෙන් භයට පත්වෙන ලෑන්ග් මහත්මිය අවසානෙදී අකමැත්තෙන් උනත් තමන්ගෙ පවුලත් එක්ක වෙනත් නගරයකට පදිංචියට යනවා 🪨

ඉතින් කාළයත් එක්ක මේ සිදුවීම සම්පූර්ණයෙන්ම නාගරික ප්‍රවාදයක් විදිහට සැළකීම ආරම්භ වෙනවා. විශේෂයෙන්ම මේ කතාව පොත් පත් වලින් මිනිසුන් අතරට වේගයෙන් ප්‍රචාරය වීමත්, ඒ කාළය තුල සිදුවුන බොහෝ අසාමාන්‍ය සිදුවීම් වගේම මේ සිදුවීම සම්බන්ධවත් ස්ථිරව තහවුරු කරන්න පුළුවන් ‘ලිඛිත’ සාක්ෂි නොමැති වීමත් මේකට හේතු වුනා කියලයි සලකන්නේ. හැබැයි අදටත් ස්ථිරව මේක සත්‍ය හෝ අසත්‍ය බවට නම් පැහැදිලි කරන්න බෑ.

හැමදාම අළුත් දේ දැන ගන්න | Follow

ඉතින් ඇත්තටම ඩේවිඩ් ලෑන්ග්ට මොකද උනේ ❓

🛩️ ඔයාලගෙ අදහස් හැමෝටම බලන්න පහලින් comment කරගෙන යන්න, ඒ ගමන් ස්ටිකර් හත අටකුත් දාන් යන්න පුළුවන්නම් වටිනවා 🛸

උපුටා ගැනීම : සැ. ම්. පා

What do you think?

Written by Mic

ලංකාවට ආවේණික අපේ මන්ද වලසා

ලෝකයේ මහද්වීප 7 ගැන දන්නවද?!