ඉතාලියේ කෝමෝ (Como) හි පිහිටි පැරණි Cressoni රඟහල ප්‍රතිසංස්කරණය කිරීමේදී,පස් යට තැන්පත් කර තිබූ සෝප්ස්ටෝන් (Soapstone) බඳුනක් තුළ අතිශය සුරක්ෂිතව අසුරා තිබූ ප්‍රමාද රෝම යුගයට (Late Roman) අයත් රන් කාසි 1,000ක් සොයාගන්නා ලදී.
ක්‍රි.ව.400 සහ 474 අතර කාලයට අයත් මෙම රන් කාසි,බටහිර රෝම අධිරාජ්‍යය බිඳවැටීමට (ක්‍රි.ව.476) ආසන්න කාලයේදී රාජ්‍ය හෝ පොදු භාණ්ඩාගාරයකට අයත්ව තිබී සඟවන ලද්දක් බව පුරාවිද්‍යාඥයෝ පවසති. Honorius,Valentinian III,සහ Libius Severus වැනි රෝම අධිරාජ්‍යවරුන්ගේ රූප රැගත් මෙම රන් කාසි,වසර 1,600කට අධික කාලයක් ගතවුවද අදටත් අලුතින් නිපදවූවාක් මෙන් බැබළෙමින් පවතී. අතීත රෝම ආර්ථිකය සහ අධිරාජ්‍යයේ අවසාන භාගයේ පැවති අස්ථාවරත්වය තහවුරු කරන ඉතා වැදගත් ඓතිහාසික සාක්ෂියක් ලෙස මෙය සැලකේ.
වසර 1,600කට වඩා පස් යට තිබුණත් මෙම රන් කාසි අදටත් කිසිදු හානියක් නැතිව මෙලෙස බැබළීම ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න!
Feel Vibe


