in

ස්වභාවධර්මය නම් අපිව හැමතිස්සෙම පුදුමයට පත් කරනවා!

කුණාටුවක් එද්දී… ගස්වල කොළවලින් විදුලි “දිලිසීමක්” ඇති වෙනවා!

🌩️⚡අපිට නොපෙනෙන මේ විදුලි ක්‍රියාවලිය… විද්‍යාඥයන් දැන් කැමරාවට හසුකරගෙන! ⚡🌿

🌩️⚡ගිගුරුම් සහිත කුණාටුවක් ඇති වෙද්දී, වලාකුළු සහ පොළොව අතර විදුලි ක්ෂේත්‍රය ඉතා ශක්තිමත් වෙනවා. එවිට ගස්වල ඉහළට නෙරා ඇති කොළ සහ ඉඳිකටු වැනි තියුණු අග වටා ඉතා දුර්වල විදුලි විසර්ජන ඇති විය හැකියි. මේ phenomenon (සංසිද්ධිය)එකට Corona Discharge(කොරෝනා විසර්ජනය) කියනවා. ⚡

🌩️⚡🌿 මේක විදුලි අකුණක් වගේ විශාල discharge එකක් නෙමෙයි. ඉතා කුඩා විදුලි ධාරාවක් සහ UV ආලෝකයක් ඇති කරන දුර්වල electrical discharge (විදුලි විසර්ජනය)ක්.

😳 අවුරුදු 70කට වැඩි කාලයක් සැක කළ දෙයක්…

විද්‍යාඥයන් මේ ආකාරයේ tree-top corona discharges ඇති විය හැකි බව දශක ගණනාවක් තිස්සේ සැක කළත්, ස්වභාවික thunderstorm එකක් අතරතුර එය සෘජුවම නිරීක්ෂණය කර ප්‍රමාණාත්මකව මැනීම මේ 2026 පර්යේෂණයෙන් සිදු වුණා.

The Pennsylvania State University +

🌩️⚡පර්යේෂකයන් North Carolina හි sweetgum සහ loblolly pine ගස්වල මේ discharges නිරීක්ෂණය කළ අතර, එක ගසක පමණක් corona events 859ක් සහ අනෙක් ගසේ 93ක් වාර්තා කළා. ⚡

The Pennsylvania State University

🌩️⚡🌍 ඒක වායුගෝලයටත් බලපානවාද?

මේ corona discharge වලින් නිකුත් වන UV radiation මගින් hydroxyl (OH) වැනි ඉතා ප්‍රතික්‍රියාශීලී අංශු නිපදවීමට දායක විය හැකියි. OH වායුගෝලයේ විවිධ gases සහ pollutants සමඟ ප්‍රතික්‍රියා කර ඒවා බිඳ දැමීමට වැදගත්.

The Pennsylvania Stte University

🌩️⚡ඒ කියන්නේ… 🌳⚡

කුණාටුවක් යටදී ගස් නිහඬව ඉන්නවා වගේ පෙනුණත්, ඒවා වටා අපිට නොපෙනෙන විදුලි හා රසායනික ක්‍රියාවලියක් සිදුවෙමින් තිබිය හැකියි.

“අපිට පේන්නේ වැස්සයි… අකුණුයි…

නමුත් ගස් මුදුන්වල තවත් ලෝකයක් ක්‍රියාත්මකයි.” 🌩️🌳💜

⚠️ Scientific note: මේ glow එක සාමාන්‍යයෙන් පියවි ඇසට පැහැදිලිව පෙනෙන ආලෝකයක් නෙමෙයි; පර්යේෂකයන් විශේෂ UV-sensitive උපකරණ භාවිතා කරලා එය capture කළා.

Penn State Meteorology

Nature – ස්වභාවධර්මය

What do you think?

Written by Mic

නටන වතුර පිරුණු මරණයේ විල

වැස්ස වැටුණු රෑක… මේ ගොළුබෙල්ලෝ කොහෙන්ද එන්නේ?